IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ආර්ථික චක්‍රය ඉතිහාසය බලාපොරොත්තු

 සම්පත් උපරිම භාවිතයට  යොදා ගැනීමේ අවශ්‍යතාව 
චක්‍රීය ආර්ථිකයේ ප්‍රධාන මූලධර්මයෙන් අවධාරණය කෙරෙනුයේ දුර්වලතා සහ සීමිත සම්පත් ජනතාව විසින් උපරිම ලෙස භාවිතයට ගත යුතු වීමේ අවශ්‍යතාවයි. ඒ සඳහා මිනිසුන් විසින් භාවිතයට ගන්නා දෑ එක් අතෙකින් නැවත නැවත (චක්‍රීය ලෙස) භාවිතයට ගතයුතු වන අතර අනෙක් අතට එහිදී එක් ආර්ථික ක්‍රියාකාරකමක නිෂ්පාදනය  (ප්‍රතිදානය) තවත් ආර්ථික ක්‍රියාකාරකමක යෙදවුම ලෙස ගන්නා නිෂ්පාදන මොඩලයක් ස්ථාපිත කර ගත යුතුය. සම්පත් ජනතාවගේ භාවිතය උදෙසා නිෂ්පාදනයක් (ප්‍රතිදානයක්)  බවට පරිවර්තනය කරනු ලබන වර්තමාන රේඛීය ආර්ථික මොඩලයෙන් එය වෙනස් වන්නේය. වරක් භාවිත කළ විට ඒවා අපද්‍රව්‍ය ගොඩගැසීමක් ලෙස පරිසරය තුළ ඒකරාශි වෙමින් පද්ධතියෙන් නොපෙනී යන්නේය. 


 දරිද්‍රතාව ප්‍රතිචක්‍රියකරණයේ වාහකය 
තනි තනි පුද්ගල මට්ටමේ දී අවශ්‍යතා පිරිමසා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නැතිකමින් හෝ තමා තුළ වගා කරන ලද ශික්ෂණයෙන් ඒ සඳහාම  සවිඤානක උත්සාහයක් දැරීමෙන් මෙම කාරණය ඉෂ්ඨ වන්නේය. 1950 ගණන්වල සහ 1960 ගණන්වලදී ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන සිසුනට ඔවුනගේ පෙළපොත් පරෙස්සමෙන් පරිහරණය කර පාසල් වර්ෂය අවසානයේදී නියමිත මිලෙන් අඩකට පොත් සාප්පුවලට විකුණන ලෙසටත් ඊළඟ ශ්‍රේණියේදී භාවිතයට අවශ්‍ය පොත් වට්ටමකට මිලදී ගන්නා ලෙසටත් ඔවුන්ගේ මවුපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් මාර්ගෝපදේශ ලැබිණි. ඒ ආකාරයට භාවිතයට ගන්නා ලද පෙළ පොත් පාසල්වල භාවිතයට නියම කළ කාලය පුරාම ප්‍රතිචක්‍රීය වෙමින් පරිහරණයට ගැනිණි. 


 බුද්ධ කාලයේ ප්‍රතිචක්‍රියකරණය 
මෙය විසි වැනි සියවසේ සිසුන් විසින් අත්පත් කරගත් අලුත් ශික්ෂණයක් නොවේ. ධම්මපදට්ඨ කතාවේ එන කතාවකට අනුව ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේ බුද්ධ කාලයේද එය සිදු වූයේය. 
බුදු හිමියන්ගේ උපස්ථායක තනතුර දැරූ ආනන්ද හිමියන්ට සහ උන් වහන්සේගේ පන්සියයක් පිරිවර භික්ෂුන් වහන්සේලාට මිලාධික සේද සිවුරු උදේන රජුගේ අග මෙහෙසිය වූ සාමාවතියගෙන් දානයක් සේ ලැබිණි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා තණ්හාව දුරුකළ අය නිසා ඒවා පිළිගන්නේද නැතිද යන ගැටලුව එහිදී පැන නැගිණි. රජුගේ විමසීමකට පිළිතුරු වශයෙන් ආනන්ද හිමියන් කියා සිටියේ තමන් අඳිමින් සිටි සිවුරු තරමක් කඩමළු සිවුරු අඳිමින් සිටි අනෙකුත් භික්ෂූන්ට දුන් බවයි. 
එවිට ඒ අනෙක් භික්ෂූන් අඳිමින් සිටි සිවුරුවලට කුමක් කළේද? ඒවා මුළුමනින්ම වැරහැලි වූ සිවුරු අඳිමින් සිටි භික්ෂූන්ට දෙන ලදි. ඔවුන්ගේ වැරහැලි සිවුරුවලට කුමක් කළේද? ඒවා ඇඳ ඇතිරිලි ලෙස භාවිතයට ගැනිණි. එවිට තිබුණු ඇඳ ඇතිරිලිවලට කුමක් කළේද? ඒවා බුමුතුරුණුවලට භාවිත කෙරිණි. එවිට තිබුණු බුමුතුරුණු ඒවා පාපිසිවලට ගන්නා ලදී. එවිට තිබුණු පාපිසිවලට කුමක් කළේද? ඒවා කුඩා කැබලිවලට කපා මැටි සමග මිශ්‍ර කොට බිත්තිවල සිදුරු පුරවන්නට භාවිත වූයේය. දැඩි ශීත කාලයේ බිත්තිවල සිදුරුවලින් එන සීතල සුළඟින් එවිට ආරක්ෂා වන්නට හැකි වූයේය. මෙය කිසිදු නාස්තියක් සිදු නොවන (නාස්තිය ශුන්‍ය වූ) ක්‍රමවේදයකි. එය සිරුවෙන් තමා තුළ වගා කොට අත්පත් කර ගන්නා ලද ශික්ෂණයකි. 


 ගෝලීය මහජන යහපත පිණිස  
මෙම විනය ජාතික  මට්ටමෙන් හා ගෝලීය මට්ටමෙන් භාවිතයට ගැනීම ඉතා සංකීර්ණ සේම අසීරු වන්නකි. එය පොදුවේ මානව වර්ගයාගේත් අනෙකුත් සියලුම ජීවින්ගේත් හිත සුව හා ප්‍රයෝජනය පිණිස වන්නක් බැවින් එයින් ජාතික මට්ටමේ හෝ ගෝලීය මට්ටමේ යහපත සදාලන්නට තනි රටක ජනතාව වෙතිනුත්, ගෝලීය වශයෙන් සියලු රටවල ජනතාව වෙතිදුන් ඒ සඳහා දායකත්වයක් දැරීම අවශ්‍ය වන්නේය. ඒ සඳහා ඉංග්‍රීසි හෝඩියේ C අකුරෙන් පටන් ගන්නා සහයෝගිත්වය, කැපවීම, අඛණ්ඩ බව යන තුන්වැදෑරුම් C අක්ෂරයේ කාර්යයන්ගෙන් සංතෘප්ත විය යුතුවේ. එහි අවශ්‍යතාව කාලයෙන් කාලයට පවත්වන ලද ගෝලීය අධ්‍යයනයෙන් කල් තියා කරන අනතුරු ඇඟවීමක් එහි දක්වන ලදී. බුද්ධිමතුන් විසින් තනි තනිවම කරන ලද අධ්‍යයනවලින් ඊට මගපෑදිණි. ගෝලීය ජනතාවගෙන් සැදුම්ලත් සංවිධානවලින් ඒ සඳහා අන්තර්ජාතික දේශපාලන ක්‍රියාකාරකම් මෙහෙයවීම ආරම්භ කෙරිණි. 


 රෝමානු සමාජයේ (Club of  Rome) අනතුරු ඇඟවුම 
ඩෙනිස් එල් මිඩොව්ස්ගේ නායකත්වය යටතේ වූ රෝම සමාජය විසින් කරන ලද අධ්‍යයනයකින් 1972 දී පුනර්ජනනීය නොවූ සම්පත් හිඟතාව වැඩිවීම හේතුකොට බොහෝ රටවල් බාරගත් ආර්ථික දියුණුව අඛණ්ඩව කරගෙනයා නොහැකිවූ නිසා ගෝලීය අවධානය මේ සඳහා ඇදගැනුණේය. ඒ නිසා ඒ වනවිට හඹාගිය වේගවත් වර්ධනයේ වේග සීමා පෙනෙන්නට ගත්තේය. වරක් එම සීමා කරා ළඟා වූ විට නූතන ආර්ථිකයත් ඒවා තුළම කඩා වැටෙන්නට නියමිත වූයේය. සීමාව වෙත ළඟාවීමට ඔවුන් ලබා දුන් කාල සීමාව 1970 සිට අවුරුදු 100කි. එයින් ඇඟවෙන්නේ මෙම ගැටලුවට 2070දී මුළු ග්‍රහලෝකයටම මුහුණ දෙන්නට සිදුවන බවකි. 
කෙසේ වුවද මෙම වාර්තාව නිකුත් වූ දා පටන් විද්‍යාවේ හා තාක්ෂණයේ ඇතිවූ දියුණුවෙන් සහ අලුත් සොයා ගැනීම්වලින් පෙනී ගියේ ප්‍රතිචක්‍රියකරණය කළ නොහැකි සම්පත් විසින් මෙම කාල සීමාව තවත් ඉදිරියට පැමිණ ඇති බවකි. මේ මිහිමත වාසය කරනවුන්ට හුස්ම ඇද ගන්නට ඉතිරිව ඇත්තේ කෙටි අවකාශයක් වග එයින් පෙනී ගියේය. එම නිසා රෝම සමාජය විසින් දෙන ලද අනතුරු ඇඟවුම තවත් අප වටා වෙළෙමින් තනි තනි පුද්ගලයන් පවුල් ප්‍රජාවත් ප්‍රාදේශීයකයන් ජාතික වශයෙන් හා  ගෝලීය මට්ටමෙන් සම්පත් පද්ධතියෙන් මුළුමනින් වඳවී යාමට පෙර ඒවා උපරිම ලෙස භාවිතයට ගැනීමට සවිඥානක වෑයමක් දැරිය යුතු බවට පත් කරයි. 


 උතුරු දකුණු සංවාදය  
දුර්ලභ සම්පත් ගෝලීය වශයෙන් අරපිරිමැස්මෙන් භාවිතයට ගැනීම උදෙසා වූ තවත් උත්සාහයක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ස්වාධීන කොමිසමකින් දරන ලදී. එහි වාර්තාව 1980 දී උතුරු දකුණු පැවැත්ම සඳහා වූ වැඩසටහනක් යන හිසින් නිකුත් වූයේය. එම කොමිසමේ මුලසුන ජර්මනියේ හිටපු චාන්සර්ලර්වරයකු වූ විලී බ්‍රෑන්ඩ්ට් විසින් දරන ලද අතර ඊට දුප්පත් සහ ධනවත් යන දෙවර්ගයේම රටවල දේශපාලන නායකයන්ගේ සහ විද්වතුන්ගේ සේවාව ලැබිණි. මෙම කොමිසම එහි වාර්තාවෙන් ලෝක ජාතීන්ගේ අවධානය ඇද ගනු ලැබුවේ ප්‍රතිචක්‍රිය නොවන සම්පත් ක්ෂයවී යාම පිළිබඳව පමණක් නොවේ. සාගර සම්පත් සහ මත්ස්‍ය සම්පත්, එම සම්පත් වර්ධනය වෙමින් පැවැති ජීව ගෝලයට සිදුවන බාධා නිසා ශීඝ්‍රයෙන් වඳවී යාම ගැනද එයින් අනතුරු හඟවා තිබිණි. 
මේ ආකාරයට සියලුම රටවල් විසින් ඔවුන්ගේ රටවැසියන්ට සමෘද්ධිමත් බව සම්පාදනය කිරීම පිණිස හඹාගිය සීග්‍ර ආර්ථික වර්ධනය නිසා එම බර පරිසරයට පැටවී තිබිණි. වනාන්තර විනාශය පිළිබඳව තතු පැවසූ කොමිසම හෙක්ටයාර් මිලියන 11කින් සමන්විත වනාන්තර භූමි වැදගත් පුනර්ජනනීය සම්පතක් බවත් ඒවා ජෛව විවිධත්වයට උපකාර වන අතරම ජීවන පැවැත්මට ද උපකාර වන ආකාර පහදා දුන්නේය. වසරක් පාසා දරවලටත් දියුණු වෙමින් පැවති රටවල වනාන්තර නිෂ්පාදන අපනයන හේතුකොට ගෙනත් ඇති ඉල්ලුමත් නිසා ලෝකයේ වනාන්තර විනාශමුඛයට යමින් පවතින බව එම වාර්තාවෙන් අවධාරණය කෙරිණි. එම නිසා පරිසර සංරක්ෂණය අනිවාර්යයෙන් කළ යුතු බව කොමිසම කියා සිටියේය. 


 අපගේ අනාගතය පොදුවේ 
විලී බ්‍රෑන්ඩ්ට් ප්‍රමුඛත්වය දැරූ ස්වාධීන කොමිසමට අමතරව 1980 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිසරය හා සංවර්ධනය පිළිබඳ ලෝක කොමිසම පත් කරනු ලැබුවේය. නෝර්වේ රටේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ (Gro Harlem Brundtland) ග්‍රෝ හාර්ලම් ඩ්‍රන්ඩ්ට්ලන්ඩ් එහි සභාපති ධුරයට පත් කොට තවත් ගෝලීය නායකයන් කිහිප දෙනකු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබීය. 1987 දී එහි වාර්තාව  Our Common Future යන හිසින් නිකුත් වූයේය. 
චක්‍රීය ආර්ථිකයේ වැදගත් අරමුණක් වූ තිරසාර සංවර්ධනය යන්න එම කොමිසමෙන් වර්තමානයේ අවශ්‍යතා අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව කැප නොකොට සපුරා ගැනීම යනුවෙන් නිර්වචනය කෙරිණි. ඵලදායිතාව කෙරේ අවධානය යොමු කිරීමද එයින් සිදුකරන අතර එහිදී අඩුවෙන් භාවිත කොට වැඩියෙන් නිෂ්පාදනය කිරීමද කළයුතු වූයේය. මෙම අවශ්‍යතා දෙක සඳහාම මිනිසුන්ගේ වුවමනා සපුරා ගැනීම පිණිස පවතින සම්පත් සංරක්ෂණය කිරීමෙන් ඒවා අනතුරේ නොහෙළා ඒවා උපරිම ලෙස භාවිතයට ගැනීමෙන් කාර්යක්ෂම ලෙස සම්පත් භාවිතය අවධාරණය කෙරිණි. 


 තුළිත සංවර්ධනයක අවශ්‍යතාව 
මෙම වාර්තා තුනෙන්ම එනම් වර්ධනයට සීමා පැනවීම, උතුරු දකුණු සංවාදය හා අපගේ  පොදු අනාගතය යන  වැඩසටහන් තුනෙන්ම 1970 ගණන්වල සහ 1980 ගණන්වලදී උනන්දුව දක්වන පාර්ශ්ව විසින් උත්සාහ දරන ලද්දේ පරිසරයට හානි නොකොට සහ ජෛව ගෝලයට අවධාරණය යොමුකොට තුළිත සංවර්ධනයක් උදා කර ගැනීම සඳහා වූ අවශ්‍යතාව කෙරේ ගෝලීය ප්‍රජාවගේ අවධානය ඇදගැනීමයි.
එක්සත් ජාතීන්ගේ වාර්තාව හැරුණුකොට අනෙක් වාර්තා දෙකම ගෝලීය ප්‍රජාවගේ අවධානය ආකර්ෂණය කර ගැනීම උදෙසා වූ අවිධිමත් වාර්තාය. එහෙත් පොදුවේ ක්‍රියා මාර්ගයක් නොගතහොත් ලෝකය අභිමුවේ පවතින අතිශය අන්තරාය ඒ සියල්ලෙන් හුවා දැක්වූයේය. එහෙත් ගෝලීය නායකත්වයේ මෙම හඬ නැගීමට ගෝලීය ප්‍රජාව ධනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වූයේ ඉතා මන්දගාමීවයි. එම නිසා දැන් චක්‍රීය ආර්ථිකය යනුවෙන් හඳුන්වන සංකල්පය සංවර්ධනය කිරීමට අවශ්‍ය මෙවලම් සපයන අතරතුර ඔවුහු සෘජුවම ඊට දායක නොවූයේය. 


 විද්වතුන් පොරට වැටීම 
නූතන යුගයේ චක්‍රීය ආර්ථිකය පසුබිමේ ඇති චින්තනය කෙරේ විද්වතුන් සිව් දෙනකුගේ බලපෑම ඇතිවූ අතර එය තනි පදනමකින් ජනප්‍රියත්වයට පත් වූයේය. එම බුද්ධිමතුන් නම් අභ්‍යවකාශ යානා පෘථිවි සංකල්පය ඉදිරිපත් කළ කෙනෙත් බෞල්ඩිං කැදැල්ලෙන් කැදැල්ලට යන අදහස නිර්මාණය කළ විලියම් මැක්ඩොනෝ හා මයිකල් බ්‍රැන්ග්‍රාට් සහ කාර්ය සාධන ආර්ථිකය ගැන කතා කළ වොල්ටර් ස්ටාහෙල් යන උදවියයි. 
චක්‍රීය ආර්ථිකය ජනප්‍රියත්වයට පත් කළ පදනම නිර්මාණය කළේ එලන් මැකාතර් වන නිසා එය එලන් මැකාතර Ellen Mac Arthur පදනම ලෙස හැඳින්වේ.             


 කෙනෙත්  බෞල්ඩිංගේ  ගගන යාත්‍රා ආර්ථිකය 
1960 ගණන්වල ලෝකයේ රටවලට ආර්ථික වර්ධනය වේගවත්ව හඹායාමට එවකට පැවැති සම්පත් නැවත තක්සේරු කිරීම සඳහා රෝම සමාජය ගොඩනැගු කාලයේ ඇමරිකානු ජාතික අර්ථ ශාස්ත්‍රඥ  කෙනෙත් බෞල්ඩිං, කව්බෝයි  (ආරෝහක ගොපල්ලා) ආර්ථිකය ලෙස නිර්වචනය කළ ආර්ථිකය හා ගගනගාමී ආර්ථිකය යනුවෙන් නිර්මාණය කළ ආර්ථිකය අතර වෙනස සනිටුහන් කර දැක්වීමට ඒ හා සමාන මතයක් ඉදිරිපත් කළේය. 
ලෝකයේ සියලුම රටවල් අනුගමනය කරමින් සිටි කව්බෝයි (ආරෝහක ගොපල්ලාගේ) ආර්ථිකය, විවෘත සූරාකෑමට ලැදි, රේඛීයව සම්පත් භාවිතය, නිෂ්පාදනය, පරිභෝජනය හා දිශාව ආපසු සැරීමකින් තොරව අපද්‍රව්‍ය ගොඩගසා ගන්නා ආර්ථිකයකි. 
ආර්ථිකය මෙහෙයවනු ලබන (ගොපල්ලාට) කව්බෝයිට සම්පත් පරිහරණයේ සීමා තිබුණේ නැත. යෝධ ලෝක අවකාශය තුළ කුරා කුහුඹුවකු බඳු  වූ ඔහුට පවතින සම්පත් සිය වාසිය තකා රිසිසේ පරිහරණය කළ හැකි විය. සීමා පැනවීම පිළිබඳ ගැටලුවක් ඔහුට නොවීය. 
ඊට හාත්පසින් වෙනස් වූ ගගනගාමි ආර්ථිකය ඉතා කුඩා ආවෘත (විවෘත නොවූ) චක්‍රීය වූවකි. එය සතුව පවතින සම්පත්වලින් සීමා වූවකි. ගගනගාමියාට රිසිසේ තෝරා ගැනීමක් කළ නොහැකි මුත් පවතින සම්පත් පිරිමසා ගනිමින් විචක්ෂණශීලී ලෙස අපද්‍රව්‍යවලට පෙරළීම වළක්වා ලමින් අපද්‍රව්‍ය චක්‍රීකරණයට ලක් කරමින්ද ගගන යාත්‍රාව තුළ කටයුතු කළ යුතුවේ. 
වෙනත් වචනවලින් කිවහොත් පෘථිවිය තනි ගගන යාත්‍රාවක් වන අතර උකහාගෙන හෝ පරිසරයට අපද්‍රව්‍ය ලෙස මුදා ගොඩ ගැසෙන්නට හැරෙන්නට තරම් අසීමිත සම්පත් සංචිත ඊට නැත. මිනිසුන් වැඩ කිරීම හෝ මෙහෙයුම් කිරීම කළ යුත්තේ චක්‍රීය ආකාරයක පරිසර පද්ධතියක් ඇතුළතය. මේ සඳහා සියලු දෙනා මිහිමඬල තුළ පවතින සීමාවලට සරිලන ලෙස නිෂ්පාදනය හා පරිභෝජනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නැවත සිතා බැලිය යුතුය. නිෂ්පාදනය පිණිස භාවිත සම්පත් පුනර්ජනනය කිරීම හෝ නිෂ්පාදනය නැතිනම් ප්‍රතිදානය ජනතාවගේ සහභාගිත්වයෙන් ප්‍රතිචක්‍රියකරණය කිරීම ගගනගාමී ආර්ථිකයක් තුළ අනිවාර්යයෙන් කළ යුත්තකි. 
එම නිසා අලුත් ආර්ථික මූලධර්ම ආර්ථිකය මෙහෙයවීම සඳහා නිර්මාණය කළ යුතුවේ. අද අප දන්නා චක්‍රීය ආර්ථිකයේ මූලධර්ම වර්ධනය කිරීම පිණිස අවශ්‍ය වන බිජුවට වපුරාලීම අවධාරණය කරනු ලැබුයේ මෙම දාර්ශනික දෘෂ්ටියෙනි. එම නිසා චක්‍රිය ආර්ථිකයේ පුරෝගාමියා වූයේ බෝල්ඩිංය. 


 කාර්ය සාධන ආර්ථිකය 
කාර්ය සාධන ආර්ථිකය වර්ධනය කරනු ලැබූ මෝලර් ස්ටාපොල් වෘත්තියෙන්ද ගෘහ නිර්මාණ ශිල්පියෙකි. 2010 දී හෙතෙම කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට රැකියා උත්පාදනයට හා ආදායම් වැඩි කිරීමට තාක්ෂණයත් හා දැනුමත් භාවිත කළ හැකි මොඩලයක් ගොඩනැගීම පිණිස සැලකිලිමත් වූයේය. 
නිෂ්පාදනය හා අලෙවි කාර්ය සාධකය, කාලයත් සමග එය කළමනාකරණය කිරීම සහ ප්‍රතිචක්‍රීය නොවන සම්පත් භාවිතය අඩු කිරීමට පුහුණු හා නුපුහුණු රැකියාවල දායකත්වය ලබාගැනීමේ නිපුණතා පිළිබඳව එයින් විස්තර කෙරිණි. 
එම නිසා ව්‍යාපාරවලදී නිෂ්පාදනය කිරීමට වඩා අලෙවි කාර්ය සාධකය ඇති කළ යුතුය. මෙම කාර්යයේදී ප්‍රධාන මූලධර්ම හතරක්ම ඉවහල් කර ගත යුතුවේ. පළමුවැන්න කාර්ය බද්ධ සේවා ආර්ථිකයක් වර්ධනය කිරීමය. එහිදී ව්‍යාපාරවලදී නිෂ්පාදනයට වඩා සඵලතාව හෝ තියුණු කිරීම වැනි සේවා සැපයීම කෙරේ. දෙවැන්න කාර්යක්ෂමතාවට වඩා ප්‍රමාණවත් බව කෙරේ අවධානය යොමු කළ යුතු වීමය. තුන්වැන්න ව්‍යාපාරයේදී නිෂ්පාදනය ජීව කාලය නැවත පරිහරණය කිරීම ප්‍රතිනිෂ්පාදනය කිරීම තත්වයෙන් ඉහළ නැංවීම ආදිය තුළින් දීර්ඝ කළ යුතු වීමයි. 
සිව්වැන්න නිෂ්පාදකයා හුදෙක් හිමිකාරිත්වය උසුලා ගැනීමේ වගකීමෙන් නොනැවතී සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතය හා කල් පැවැත්ම උදෙසා දිරිගැන්වීම කළ යුතුවීමයි. ව්‍යාපාරයේ සාර්ථකත්වය මැනිය යුත්තේ බර වෙනුවෙන් වැය වෙන මිල අනුසාරයෙන් අගය තක්සේරු කිරීමෙනි. ඒ භාවිත සම්පත් කිලෝග්‍රෑම් ප්‍රමාණය ඇසුරෙනි. 
මිනිස් පැය ගණන මිනිය යුත්තේ නිෂ්පාදනය කරන ලද ප්‍රතිදානයෙන් නොව භාවිත කරන ලද සම්පත්වලට සාපේක්ෂ ඒකක අනුවය. එහිදී අඩුවෙන් භාවිත කර වැඩියෙන් නිෂ්පාදනය කිරීම කළ යුතුවේ. කාර්ය  සාධන ආර්ථිකයේ අවසාන තිරසාර බලපෑම වන්නේ අනුවය. වායු නිකුතුව සහ සම්පත් ක්ෂයවීම අවම කිරීමයි. මෙම අරමුණ සාක්ෂාත් කරගත හැකි වන්නේ රේඛීය ආර්ථික මොඩලයෙන් ඉවත්ව ගොස් චක්‍රීය ආර්ථික මොඩලය වැළඳගැනීමෙනි.


 කැදැල්ලෙන් කැදැල්ලට අනුගත වන  නිෂ්පාදන චක්‍රය 
ජෛව අනුකාරක නිර්මාණ දර්ශනය වර්ධනය කිරීම ඔස්සේ අප යම් යම් දේ නිපැයූ ආකාරය, විලියම් මැක්ඩොන සහ මයිකල් බ්‍රවුන්ගාර්ට් විප්ලවිකරණයට භාජන කර ස්වභාව ධර්මයේ පුනර්ජනන චක්‍රයට මානව ක්‍රියාකාරකම් ගැලපෙන ආකාරයට විග්‍රහ කළේය. ජෛව අනුකාරක නිර්මාණය යනු ස්වභාව ධර්මයෙන් ආභාසය ලබා මානව අභියෝග විසඳා ගැනීමට නිර්මාණය කළ නවෝත්පාදන ප්‍රවේශයකි. 
ස්වභාව ධර්මයේ ආකෘති, ක්‍රියාදාම හා ජෛව පද්ධති අධ්‍යයනකොට වඩාත් කාර්යක්ෂම තිරසාර හා ඵලදායි විසඳුම් ගෘහ නිර්මාණ ශිල්පය ඉංජිනේරු කර්මාන්තය සහ නිෂ්පාදන නිර්මාණ සැලසුම් යන විවිධ ක්ෂේත්‍රවලට ලබාදීම ඊට ඇතුළත් වේ. විශේෂයෙන්ම එය ස්වභාව ධර්මයේ ප්‍රතිභාවෙන් ඉගෙන ගැනීමකි. පරිණාමය හරහා අති නිරව්‍යභාවය ලබා ගැනීමට වසර බිලියන ගණන් ඊට ගතවී තිබේ. ස්වභාව ධර්මය විසින් කිසිවක් නිරපරාදේ නාස්ති නොකරන බැවින් සම්පත් නාස්තියකින් තොරව වඩ වඩාත් දේ ලබාගැනීම ඊට ඇතුළත්ය.
ඒ ආකාරයට මැක්ඩොන හා බ්‍රවුන්ගාර්ට් චක්‍රය ආර්ථිකයේ මූලධර්ම සම්බන්ධ පවතින දැනුමට පාරිසරික ඵලදායිතා නිර්මාණය හුදෙක් කාර්යක්ෂතාවෙන් ඔබ්බට ගොස් එක් කරමින් දායක වූයේ කැදැල්ලෙන් කැදැල්ලට සහතික වීම යන්න සම්බන්ධ කරමිනි. කැදැල්ලෙන් කැදැල්ලට යනු නිරන්තරව නැවත භාවිතය තුළින් නව ජීවයක් ලබාගැනීම පවතින කැදැල්ලෙන් මරණය කරා යන ක්‍රමවේදය වෙනුවට ඉවහල් කර ගැනීමයි. කැදැල්ලෙන් මරණය කරා යන ක්‍රමය නිමාවට පත්වන්නේ පරිසරය තුළ අපද්‍රව්‍ය ගොඩගසා ගැනීමෙනි. මේ සම්බන්ධයෙන් ගත් විට එය අලුත් සාමූහික සමාජ වගකීමක් ව්‍යාපාර වෙනුවෙන් යෝජනා කිරීමකි. 


 චක්‍රීය ආර්ථිකයේ අලෙවිය 
චක්‍රීය ආර්ථිකයන්හි මෙම දාර්ශනික සවිමත් කිරීම එක්සත් රාජධානියේ ඵලන් මැකාර්තර් පදනමෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැගුවේය. එය විශ්‍රාමික ඉංග්‍රීසි ජාතික නාවික කාන්තාවක වූ ඵලත් මැකාර්තර් විසින් ගොඩනගා ඇත. ඇගේ පදනමෙන් නිෂ්පාදනය උදෙසා වූ රේඛීය ගැනීම් නිපැයුම් හා බැහැරකිරීමේ මොඩලය ප්‍රතික්ෂේප කොට නිෂ්පාදනයේ චක්‍රීය මොඩලය ප්‍රවර්ධනය කළේය. රජය ව්‍යාපාර සමග එක්ව බුද්ධිමතුන් නිෂ්පාදනය ක්‍රමයෙන් නැවත සැලසුම් කරන ලද්දේ තිරසාරත්වය තහවුරු කිරීම උදෙසාය. 
මෙය එම පදනම විසින් ඉදිරිපත් කරන ලද්දේ සුප්‍රසිද්ධ සමනළයාගේ ජීවන චක්‍රයේ ආකෘතියෙනි. එයින් නිෂ්පාදනයේ ගෝලීය පද්ධතියත් ප්‍රවර්ධනය කරනු ලැබීය. ස්වභාවික පුනර්ජනනය කෙරිණි. ඒ තුළ නාස්තිය හා දූෂණය ඉවත් කෙරිණි. උපරිම වටිනාකම එන අයුරින් නිෂ්පාදන හා ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කෙරිණි. එය ඒ තුළට අඛණ්ඩ පෝෂණය වන අතර ප්‍රතිවිරුද්ධ රජයේ ප්‍රතිපත්තිවලින් ඊට බාධා නොවීය. මෙම රූප සටහනෙන් චක්‍රීය ආර්ථිකයේ සියලුම වැදගත් කරුණු ග්‍රහණය කර ගැනුණි. 
චක්‍රීය ආර්ථික චිත්තනයේ නායකයා ලෙස පදනමේ බලපෑම දිනක් පාසා ඉහළ යන අතර එයින් කොම්පැණි 1000කට අධික සංඛ්‍යාවක් ඒ තුළ කටයුතු කිරීමට ගෝලීය වශයෙන් ඊට එක් කර ගැනීමට සමත්ව තිබේ. මේ වනවිට ස්වාධීන රාජ්‍යන් 75කට වඩා තම රටේ සැලසුම් තුළ චක්‍රීය ආර්ථිකය පිළිගැනීමට පෙළඹී ඇත. 
එම නිසා චක්‍රීය ආර්ථිකය අද ගෝලීය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහි සාර්ථකත්වය පුද්ගලයන් ප්‍රජාව ආණ්ඩු සහ ගෝලීය සංවිධාන එහි ප්‍රධාන  මූලධර්ම පිළිගැනීමට ලක් කිරීම තුළ රඳා පවතී. එය ගෝලීය යහපැවැත්මට දායකවීමක් නිසා එය ගෝලීය ප්‍රජාව විසින් සැපයුම් හා මූල්‍යකරණය කරනු ලැබූ ගෝලීය ප්‍රජාවගේ යහපත පිණිස වූ කාරණයක් ලෙස ප්‍රවර්ධනයට ලක්විය යුතුය.


පරිවර්තනය
2025 අගෝස්තු 18 Daily Ft හි පළවු Circular Economy: Philosophy History and Prospects ලිපියේ 
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

ආර්ථික චක්‍රය ඉතිහාසය බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site