IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


ආයෝජන ගැන ගිවිසුමකට යන්න යුක්රේනයේ තීරණයක්

ශ්‍රී ලංකාව සමඟ අනෝන්‍ය සහයෝගීතාව සහ ආයෝජන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට යුක්රේන රජය තීරණය කර ඇතැයි යුක්රේන නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටී.
 
යුක්රේන ජනාධිපතිවරයා ඊයේ (26) මේ තීරණය ගෙන ඇති බව යුක්රේන් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
 
ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා වෙනුවෙන් නියෝජිත කණ්ඩායමක් පත් කිරීමටද එරට රජය පියවර ගෙන ඇත.
 
එරට ආර්ථික සංවර්ධන හා වෙළඳ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ඔලේස්කි පෙරේවෙන්ටෙස්සේ මහතා දූත පිරිස නායකත්වය දරනු ලැබේ. මීට පෙර යුක්රේනය සහ කටාර් අතර ආයෝජනයේ දී අනෝන්‍ය ආරක්ෂණය සහ ද්විත්ව බදු ඉවත් කිරීම පිළිබඳ ගිවිසුමක් අත්සන් කර තිබේ.

125



අදහස් (0)

ආයෝජන ගැන ගිවිසුමකට යන්න යුක්රේනයේ තීරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site