IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ආපදාවට ලක්වූ ව්‍යාපාර යළි නගාසිටුවීමට පළමු ණය මුදල මහජන බැංකුවෙන්

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නගාසිටුවීමට රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ණය යෝජනා ක්‍රමය යටතේ වන පළමු ණය මුදල කල්පිටිය ප්‍රදේශයේ සම්භාණ්ඩ නිෂ්පාදනයේ නිරත ව්‍යාපාරික මහතෙකු වෙත මහජන බැංකුව කල්පිටිය ශාඛාව විසින් පසුගියදා ප්‍රදානය කරන ලදි.

මෙම ආපදා සහන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ රු.මිලියන 1.0ක් දක්වා සියයට 3ක පොලී අනුපාතයක් මත ණය පහසුකම් ලබාගත හැකිවන අතර, මහජන බැංකුව විසින් රටපුරා පිහිටි තම ශාඛා ජාලයෙන් ණය පහසුකම් පිරිනැමීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇත.



අදහස් (0)

ආපදාවට ලක්වූ ව්‍යාපාර යළි නගාසිටුවීමට පළමු ණය මුදල මහජන බැංකුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site