IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ආපදා සහන ලෙස ලැබෙන භාණ්ඩවලින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට

දිට්වා සුළි කුණාටුවෙහි බලපෑමට ලක් වූ පිරිස් වෙත පහසුකම් සැලසීම වෙනුවෙන් ආධාර/ පරිත්‍යාග වශයෙන් ලැබෙන භාණ්ඩ සඳහා අදාළ වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. 
ඒ අනුව දෙසැම්බර් 05 වැනිදා සිට වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන ලෙස මෙම බදු ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මගින් සඳහන් කර සිටියි. මෙහිදී විදේශ රාජ්‍යයන්, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ හිතෛෂීන් ඇතුළු සංවිධාන වෙතින් ඕනෑම රාජ්‍ය ආයතනයකට, රජය මගින් අනුමත ආයතනවලට හා යම් රාජ්‍ය ආයතන සමග ඍජු සහයෝගිතාවෙන් සහන ක්‍රියාකාරකම්වල නිරත ආයතනවලට ආධාර/ පරිත්‍යාග වශයෙන් ලැබීමට නියමිතව ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මෙලෙස ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.



අදහස් (0)

ආපදා සහන ලෙස ලැබෙන භාණ්ඩවලින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site