
වර්තමාන ආපදා කළමනාකරණ පනත දෝෂ සහගත බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය. ආපදා අවම කිරීමේ වගකීම දරන අමාත්‍යවරයා ලෙස ඔහු කළ අතපසුවීම්වලින් අවදානම වෙනතක යොමු කිරීම උදෙසා කළ මවා පෑමක් විය හැකිය. එහෙත් ඇත්ත වශයෙන්ම ඔහු කී දේ වැරදි සහගත නොවේ. කළ යුතුව ඇති අන් සියලු දෑ පසෙක තිබිය දී අලුත් නීතියක් සකස් කිරීම පිළිබඳ දැන් කථිකාව පටන් ගැනීම ඉතා වැදගත්ය.
වර්තමාන නීතියේ දෝෂ සහගතභාවයට හේතු වූයේ 2005 දී, 2004සුනාමියෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආපදා අවදානම අවම කිරීමේ හා කළමනාකරණ ක්‍රියාකාරකම් උදෙසා මුදල් යෙදවීම පිණිස සියලුම විදේශ පාර්ශව ඉවහල් කර ගැනීමේ වේතනාවෙන් එය කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට තිබූ අවශ්‍යතාවක් වීම සහ 2005 ජනවාරියේ දී ජපානයේ නියෝන් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ආපදා අවම කිරීමේ ලෝක සමුළුව අහම්බෙන් යෙදී තිබීමයි. කිසිම අයකුට එහි කෙටුම්පත පරීක්‍ෂා කිරීමට හෝ ඒ ගැන අදහස් පළ කිරීමට අවසර නොලැබිණි. එය හදිසි පනත් කෙටුම්පතක් ලෙස නම් කරනු ලැබූ අතර එයින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් එය වළක්වාලීමට තිබූ සීමිත අවස්ථාව ද වැළකී ගියේය.
සුනාමියට පෙර ආපදා සහන සේවා පාලනය කරනු ලැබුවේ රජයේ ඒජන්තයන් විසිනි. 1978 නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදුණු මාරාන්තික සුළි සුළඟකින්. මරණ 900 පමණ සිදු වූ බව ඇස්තමේන්තු ගත කරනු ලැබූ අතර වෙරළට කි.මී.1.5ක් පමණ ඈතින් මතු වූ කුණාටුවෙන් ගොඩනැගිලි 250,000ක් හානියට පත් වූයේය.
මඩකළපුව රජයේ ඒජන්ත/ දිසාපති අන්තොනිමුත්තු මහතා එවකට, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා පැමිණි චන්ද්‍රිකා පදනම් කරගත් ආපදා තොරතුරුවලින් දැනුවත්ව අනතුරුදායක ප්‍රදේශ සුළි සුළඟේ ගමන් මාර්ගය (යෑමට නියමිත ප්‍රදේශ) වලින් ජනයා ඉවත් කිරීමේ ක්‍රියා මාර්ගයේ නියැලුණේය. 1999 දී විදුලි සංදේශ නියාමන කොමිසම විදුලි සන්දේශ ක්‍රියාකරුවන් සමග එක්ව ආපදා අවස්ථාවලට ඔරොත්තු දෙන අයුරින් තම ජාල රටා පවත්වා ගැනීමට කටයුතු කළේය. හානි වූ ජනතාවට කළ ගෙවීම් කටයුතු සමාජ සේවා අමාත්‍යාංශය යටතේ පැවැති ඒකකයකින් මෙහෙයවන ලද්දේය.
විවිධාකාරයේ ආපදා අවදානම අඩු කිරීමේ හා සමාන ප්‍රවේශයක් නොතිබූ අතර සෑම අපදාවකින්ම අනාගත ව්‍යසනයන් හි අවදානම අවම කිරීමේ පාඩම් කියා දෙද්දී ආපදා අවදානම අවම කිරීම හෝ / ආපදා අවදානම කළමනාකරණ අවබෝධයක් නොතිබිණි.
ආසියානු ආපදා සූදානම් මධ්‍යස්ථානයේ බැංකොක්හි පුහුණුව ලැබූ රාජ්‍ය නිලධාරීන් 100කට වැඩි සංඛ්‍යාවකගේ දැනුම් පදනම සහ පසු කලෙක සෙන්ඩායි සැලසුම් රටාව බවට පත් නියෝගයක් සැලසුම 2005 පනතේ විවිධ ව්‍යසනයක් උදෙසා වූ ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කිරීමට දායක විය.
කෙසේ වුවද එය කෙටුම්පත් කළ අය තනි මධ්‍යම ආණ්ඩුවේ ආයතනයකට ප්‍රමාණවත් සම්පත් හා කටයුතු කළ හැකි ආයතනික සැලසුම් රටාවකින් තොරව දෝෂ සහගත ලෙස පමණට වඩා කාර්ය භාරයක් පැටවූහ. ව්‍යසනයෙන් හානිවූ උදවියට දේශීය ක්‍රියාකාරීන් කාර්යක්‍ෂම ලෙස සහන සපයනු අපි දැක ඇත්තෙමු. කොළඹ (2016) කැලණි ගංවතුරෙන් පසුව අප දුටුවක් මෙන්) සිදුවන ආපදාවලදී පවා මෙය මධ්‍යම රජයට කළ නොහැකි වූ කාර්යයකි.
2005 පනතට පෙර අප දුටු ආකාරයට දිස්ත්‍රික් බලධාරීන්, පළාත් පාලන යාන්ත්‍රණය, දේශීය, තනිකර දේශීය විධිමත් හා අවිධිමත් සංවිධාන වඩාත් යෝග්‍යම ඒවා වේ. 2005 පනතෙන් මේවා සම්බන්ධකර ගැනීමට උත්සාහ දරා ඇත්තේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු හරහා වුවද එය ඵලදායී නොවූයේය.
රජයේ පැරැණි ඒජන්තවරු, කොළඹින් නියෝග හෝ සම්පත් ලැබෙනතුරු බලා නොසිටියෝය. ඔවුහු බිම් මට්ටම හරහා කාර්ය ඉටුකිරීමට ඔවුන්ගේ අභිමතයත් විචාරශීලී බවත් භාවිත කළහ. මධ්‍යම රජයට බොහෝවිට කළ හැකි දේ නම්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම පරිදි සන්නද්ධ හමුදාවලට අණ දීම පමණකි. මෙය (1978 මඩකළපුවේදී මෙන්) යම් ප්‍රදේශයකට හදිසි ආපදා තත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් කළ හැකිය.
යථාතත්වයට පත් කිරීම
මධ්‍යම රජය අවශ්‍ය වන්නේ මෙම කටයුත්තේදීය. හානියට ලක් වූ යටිතල පහසුකම් පිළිසකර කිරීම, ජීවත් විය හැකි තත්වයේ නිවස්නයක් වෙත ආපසු යාමට ජනතාවට උපකාර කිරීම, කුඩා ව්‍යාපාර නැවත ඇරඹීම ආදියට අවශ්‍ය මුදල් සම්පාදනය කිරීමට හොඳම ස්ථානයක පසුවන්නේ මධ්‍යම රජයයි. මේ සම්බන්ධයෙන් ටිරාන් අලස්ගේ මූලිකත්වයෙන් තිබුණු පශ්චාත් සුනාමි යළි ඉදි කිරීමේ සහ සංවර්ධන ඒජන්සියේ (RADA), පාඩම් ක්‍රියාත්මක කළ හැකිවේ. අලස්ටන් එමිල් කාන්තන් (එල්.ටී.ටී.ඊ. යේ අරමුදල් ගොඩනගන ලෙස චෝදනා ලැබ සිටි) සහ තවත් දෙදෙනකුටත් මහජන මුදල් මිලියන 200 ක් අවභාවිත කළ බවට 2016 දී නඩු පවරණ ලදී. ගෝඨාභය රාජපක්‍ෂ රජය යටතේ සිටි නීතිපතිවරයා 2020 දී එම නඩුව ඉල්ලා අස්කර ගත්තේය.
2005 පනතෙන් ගොඩනැගුණු අරමුදල් සහ 1993 පනත යටතේ ගොඩනැගුණු අරමුදල්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් සහ රටින් බැහැරව වෙසෙන්නන් විසින් කළ පරිත්‍යාග ගබඩා කරන අරමුදලක් ලෙස භාවිත කළ හැකිවේ. විදේශ රටවල ආණ්ඩු විසින් දරන දායකත්වය විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සහ ඒකාබද්ධ අරමුදලෙන් මෙහෙයවීම වඩාත් යෝග්‍ය වේ. මේ සියලුම සම්පත් 1993 සහ 2005 පනත් යටතේ ස්ථාපිත කළ මණ්ඩල සමග පාර්ලිමේන්තු අධීක්‍ෂණයට යටත් කළ යුතු වන්නේය.
2005 පනතෙන් ගොඩනැගුණු ආපදා කළමනාකරණ මණ්ඩලය හෝ මූල්‍ය කොමිසම වෙත ලබාගත් අරමුදල් නිසි පරිදි දිස්ත්‍රික්ක වෙත වෙන් කිරීමේ කාර්ය භාරය පැවරිය යුතුය.
සහන සැලසීම සහ යථාතත්වයට පත්කිරීමේ කාර්ය දෙකම වෙළෙඳපොළ ක්‍රියාත්මක නොවන කල්හි ඉල්ලුම හා සැපයුම ගැළපීම අවශ්‍ය වේ. සහන සේවාවල දී එය, අවතැන් වූ විශේෂිත ජන සංඛ්‍යාව, නිශ්චිත ස්ථානය සමග පිසින ලද ආහාරවල සැපයුම ඊට ඇති ඉල්ලුමට ගැළපීම යුතුවේ.
යථා තත්වයට පත් කිරීමේ දී පස් ඉවත් කරන උපකරණ සපයන සම්පතම මූලාශ්‍රයට අදාළ තොරතුරු අවශ්‍ය වන්නේය. සුනාමියෙන් පසුව මේ සඳහා යෝග්‍යවන “සහන” නම් මෘදුකාංග පැකේජයක් ශ්‍රී ලාංකිකයන් ස්වේච්ඡාවෙන් නිර්මාණය කර තිබිණි. මෑන්හැටන් සහ වෙනත් ප්‍රදේශවලත් එය යොදවාගෙන තිබුණ නමුත් එය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යොදවාගෙන තිබුණේ නැත.
සහන හෝ වෙනත් ඒ හා සමාන ක්‍රමයක් මධ්‍යගතව යොදවා ගැනීම අවශ්‍ය නොවේ. ආපදා නොමැති කාලවල දත්ත පදනම් සකස් කිරීම සහ ඒවා ආපදා කාලවල උපයෝගි කර ගත යුත්තේ දිස්ත්‍රික් බලධාරීන්ය.
කල්තියා අනතුරු ඇඟවුම සහ සූදානම් වීම
බහුවිධ ව්‍යසන ප්‍රවේශයේදී, ව්‍යසනයන් පිළිබඳ විපරමෙන් පසුවීම් කාර්යභාරය, සුනාමි වැනි අතිශය දරුණු කාලගුණය පවතින අවස්ථාවල පැවරෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වැනි විශේෂිත ආයතනවලටයි. කාලීනව ව්‍යසන පිළිබඳ අනතුරු ඇඟවීම් නිවැරැදි නොවන තොරතුරු මත පදනම් වන නිසා විද්‍යාඥයන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම වඩාත් යෝග්‍ය නොවන්නේය. ඊට අදාළ තීරණ දේශපාලන අධිකාරිය විසින් ගෙන කල්තියා අනතුරු අඟවන මධ්‍යස්ථානයක් ඔස්සේ පැහැදිලි, අධිකාරිත්වයෙන් හෙබි භාෂාවකින් නිකුත් කළ යුතු වන්නේය.
පෙනී ගිය ආකාරයට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පමණක් අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති කල්තියා අනතුරු ඇඟවුම් පද්ධතිය 2025 දී අසාර්ථක වූයේය.
ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ අනතුරු ඇඟවුම් අවස්ථාවල පොදුවේ භාවිත කරන විධිමත් ක්‍රමය අනුගමනය කරවීම උදසො ඔවුන් පෙළඹවීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වූයේය. එම ක්‍රමවේදය අනුගමනය කරනු ලැබුවේ නම් නිවේදනයේ පරිවර්තන යොදා ගැනීමෙන් තොරව දමිළ භාෂාවටත් වඩා වැඩි භාෂා ගණනකට පරිවර්තනය කර ගැනීමේ හැකියාව තිබිණි.
මහා පරිමාණ ව්‍යසන පිළිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යම රජයෙන් කරනු ලැබීම වඩාත් හොඳම ක්‍රමය වේ. එහෙත් ප්‍රාදේශීය වශයෙන් සිදුවන ව්‍යසන, මධ්‍යම රජයේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයෙන් කරන දිස්ත්‍රික් මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවුම්වලට වඩා, දිස්ත්‍රික් මට්ටමේ සහ ඊට පහළ බලධාරීන්ට වඩාත් හොඳින් කළ හැකිවේ.
පෙර සූදානම් වීමේ ක්‍රියාකාරකම් ඇතුළු පෙරහුරුකම් කළ හැක්කේ ප්‍රජා මට්ටමෙන් පමණකි.
සංසිඳවීම
ආපදාවකින් පසුව ආපදා කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ කටයුතු ඇගැයුම් කිරීම උදෙසා උපදේශකයන් යෙදවීම හා කාර්ය සාධන බලකා ගෙඩානැගීමත්, මෙහිදී මධ්‍යම රාජ්‍ය ආයතනයන්ට වැඩදායි කාර්යභාර ඉටුකළ හැකිය. එම විශ්ලේෂණයන් පදනම් කරගෙන ඊළඟ වතාවේදී අවදානම අවම කර ගැනීමේ ශක්තිමත් පියවර සකස් කර ගැනීම උදෙසා අදාළ ආයතන සමග කටයුතු කළ හැකිවේ. ඔවුන් එවන වාර්තා නොව ඒවායින් සොයා ගන්නා ලද කරුණු අදාළ වගකිවයුත්තන් විසින් සමග්‍රහණය කරගත යුතුවේ.
ආයතනික නිර්මාණ සැලසුම්
2005 පනතේ ප්‍රධාන දෝෂ අතර පළක් නොමැති ආපදා කළමනාකරණ මණ්ඩලයක් පැවතීම ද එකකි. එම මණ්ඩලය අගමැති, ඇමතිවරු 20 (මීට සහභාගී වියයුතු ආපදා කළමනාකරණ භාර ඇමතිවරයා ඇතුළත් නොවීය) ප්‍රධාන අමාත්‍යවරුන් සහ විපක්‍ෂ මන්ත්‍රීවරු තිදෙනකු ඇතුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වසරකට සිව් වතාවක් රැස්විය යුත්තකි.
එහි අනෙක් ප්‍රධාන දෝෂය වූයේ බාහිර වශයෙන් මුදල් යෙදවූ ව්‍යාපෘති කෙරේ පමණට වඩා විශ්වසය තැබූ මුදල් යෙදවීමේ මොඩලයයි.
සුළි සුළඟට පෙරාතුව අවසාන වශයෙන් පැවැත් වූ මණ්ඩලයේ අවසාන රැස්වීම 14 වැනි (නීත්‍යානුකූලව පැවැත්විය යුතුව තිබුණේ 100 වැනි රැස්වීමයි) රැස්වීම නිර්මාණය සැලසුම් අසාර්ථක භාවය විද්‍යාමානවන කාරණයකි. මෙම යෝධ මණ්ඩලය, යම් ආපදා අවස්ථාවක්, හදිසි ප්‍රතිචාර දැක්වීම, යථා තත්වයට පත්කිරීම සහන සැලසීම ආදී ක්‍රියාකරකම්වලට පහසුකම් සැලසීම සඳහා බලය පැවරී ඇති ආකාරයට කැඳවාගෙන නොහැකිවීම අනිවාර්යයෙන් සිදු වන්නකි.
2005 පනතේ කර්තෘවරුන්ගේ අභිප්‍රාය එහි 17 වැනි වගන්තියෙන් විද්‍යාමානවේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් උදෙසා මුදල් සම්පාදනය කරන මූලාශ්‍රයෙන් මොනවාද යන්න එහි මෙසේ සඳහන් වේ.
(A) ආරම්භ ප්‍රාග්ධන ලෙස ඒකාබද්ධ අරමුදලෙන් ලැබුණු මුදල්
(B) එහි ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා මණ්ඩලයෙන් ලබන්නා වූ එවැනි සියලුම මුදල් ප්‍රමාණ
(C) ණය, ප්‍රදාන සහ නීත්‍යනුකූල මූලාශ්‍රවලින් සහ සියලු මාර්ග ඔස්සේ මණ්ඩලයට ලැබෙන්නා වූ ශ්‍රී ලංකාවේ සේ ඊට බාහිරින් ලැබෙන සියලු මුදල්
17(a) වගන්තිය යටතේ 2005දී ලැබුණු ආරම්භක ප්‍රාග්ධන වූ රුපියල් මිලියන 10 වැටුප් ගෙවා ගන්නට හෝ ප්‍රමාණවත් මිලියන නොවීය. විදේශගත දානපතියන් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ කටයුතුවලට මුළුමනින්ම මුදල් යොදවාවි යයි ඔවුහු වැරදියට සිතූහ. පනතට අනුව නිත්‍ය ලෙස ප්‍රතිපාදන ලැබීමක් සිදු නොවන මුත් සෑම වසරකම මුදල් එයට වෙන් කෙරිණි. එහෙත් එය ප්‍රමාණවත් නොවීය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ වඩාත් ඵලදායී ප්‍රතිඵලය වූයේ අවුරුදු 15 කට පෙර ආපදා අවදානම සහිත ප්‍රදේශවල සිතියම් සකස් කිරීමයි. එය විදේශාධාරවලින් මුදල් යෙදවූ ව්‍යාපෘතිවලින් සිදුවිය. එම ව්‍යාපෘති වෙනත් ඒවා සේම, පසු විපරම් හෝ අඛණ්ඩව පවත්වා ගැනුණු ව්‍යාපෘති නොවූයේය. එම කිසියම් කෙටි සාකච්ඡාවන්ට ලක් කරන ලද අතර මා ඇතුළු බාහිර පුද්ගලයන් කිහිප දෙනෙකුට පෙන්වූ පසු ඒවා වැළලී ගියේය. එම සිතියම් වලින් පුරෝකථනය කළ ආකාරය කොත්මලේ වේල්ල විවෘත වූ අවස්ථාවේ සිදුවූ ජල ගැලීම් පරීක්‍ෂා කර බැලීමෙන් තවමත් යමක් උගත හැකිය.
කුමක් කළ යුතුද?
ආපදාවලට සූදානම් වීමේ සැලසුම් සහ මූල්‍ය යෙදවුම් අධීක්‍ෂණය කිරීම ආදී එක් විශේෂිත කාලයකට අයත් නොවූ සංවේදී ක්‍රියාකාරකම්වලට වගකිවයුතු ප්‍රබල උප සභාපතිවරයකුගෙන් යුක්ත අරමුණ සහගත නම්‍ය මණ්ඩලයක් පිහිටුවිය යුතුය. ජනාධිපතිවරයා එහි සභාපති පදවිය ඉසිලිය යුතු නමුදු සුළු රැස්වීම් වාරයකට ඔහුගේ පැමිණීම බලාපොරොත්තු විය යුතු නොවේ. මහජනයාට අනතුරු ඇඟවීම සහ ආපදා අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම වැනි කාලීනව සංවේදී තීරණ ගැනීම්‍වලට වගකිවයුතු, උපසභාපතිවරයකු හා ජනාධිපති ලේකම්වරයාගෙන් සමන්විත කුඩා විධායක කමිටුවක් තිබිය යුතුය.
දිස්ත්‍රික් ලේකම්වරු යටතේ, දිස්ත්‍රික් මට්ටමේ වූ ඒකකවලට මෙහෙයුම් ක්‍රියාකාරකම් පැවරිය යුතු අතර දිස්ත්‍රික් ලේකම්වරයාට පළාත් පාලන මට්ටම දක්වා බලය ක්‍රියාත්මක කොට, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ කිරීමේ බලය පැවරිය යුතුවේ.
මධ්‍යම රජයේ සිට පළාත් සභාවලට මූල්‍ය ප්‍රතිපාදන වෙන්කොට ආපදා කළමනාකරණ / පූර්ව සූදානම් කටයුතු උදෙසා මුදල් වෙන්කර නිත්‍ය මුදල් වෙන් කිරීමේ සැලසුමක් තිබිය යුතුවේ. එහිදී එක් එක් මට්ටමේ ක්‍රියාකාරකම් උදෙසා විශේෂයෙන් යොදවන කාර්ය පිරිස් සිටිය යුතුවේ. වර්තමානයේ මෙන් නොව සියලු ව්‍යාපෘති සමස්ත මෙහෙයුම් සැලසුමකට අනුගතව සිදුවිය යුතුවේ.

ආපදා පනතේ දෝෂ: කළ යුත්තේ කුමක්ද?