IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


ආනයන සීමා ඉවත්කළ පසු වාහන 9151ක් ගෙන්වලා

විමුක්ති එස් රුද්‍රිගු

මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසුව වාහන 9151 ක් මෙරටට ආනයනය කර තිබෙන බව හම්බන්තොට වරාය පසුගියදා ප්‍රකාශ කළේය.

මේ වනවිට වාහන ඉක්මනින් නිදහස් කිරීම සඳහා වරාය මෙහෙයුම් විධිමත් කර තිබෙන බවද හම්බන්තොට වරාය පැවැසුවේය. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක වාහන මෙරටට ගෙන්වා ඇති බවත්ය.

ශ්‍රී ලංකාව මෙරටට වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් වෙන්කර ඇත.

 



අදහස් (0)

ආනයන සීමා ඉවත්කළ පසු වාහන 9151ක් ගෙන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site