නිමල කොඩිතුවක්කු
 ණය උපකරණයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ණය උපකරණයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ වනවිට රට තුළට ප්‍රමාණවත් විදේශ විනිමය ලැබෙමින් පවතින බැවින් සහ ඒ අනුව දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ ද්‍රවශීලතාව ශක්තිමත් වී ඇති බැවින්, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ඉලක්ක කර ගනිමින් එම බැංකු වෙත විදේශ ව්‍යවහාර මුදල් වලින් ආයෝජන සඳහා අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාව විසින් විදේශ ව්‍යවහාර මුදල් වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2025 අගෝස්තු මාසයේදී ආයෝජකයන්ගේ කැමැත්ත නිර්ණය කිරීම සඳහා පවත්වනු ලැබ ඇති වෙළෙඳපොළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, වසරකට අඩු කාලයක සිට වසර 3 ක කාලයක් තෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් දක්වා විවිධ ප්‍රමාණවලින් ආයෝජනය කිරීමට ආයෝජකයන් විසින් උනන්දුවක් දක්වන බව තහවුරු වී ඇත.
ඒ අනුව, කෙටිකාලීන ද්‍රවශීලතා උපකරණයක් ලෙස, දැනට පවතින නෛතික රාමුව තුළ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට අදාළ කටයුතු ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ආණ්ඩුවෙන් දේශීය ඩොලර් බැඳුම්කර