IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආචාර්ය රොහාන්ත අතුකෝරාළ ලෝටස් හයිඩ්‍රො පවර් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 
ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රොහාන්ත අතුකෝරාළ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 
ඒ අනුව ජූලි 22 වැනිදා සිට බලාත්මක වන පරිදි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ඒ මහතා පත් කර තිබේ. අතුකෝරාළ මහතා සතුව සන්නාම අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය  පිළිබඳව වසර 21කට අධික කාලයක අත්දැකීම් සහිත බව පවසයි. එහිදී ඒ මහතා බහුජාතික සමාගම්   රැසකම ඉහළ නායකත්ව භූමිකා හොබවා තිබේ.  මීට පෙර ඒ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සංචරණයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. 2025 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඒ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් 2025-2029 සඳහා වන උපායමාර්ගික සැලසුම සකස් කිරීම සඳහා පත් කර තිබේ. 



අදහස් (0)

ආචාර්ය රොහාන්ත අතුකෝරාළ ලෝටස් හයිඩ්‍රො පවර් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site