IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආචාර්ය රාණි ජයමහ ඕවර්සීස් රියැලිටි සභාපති ධුරයට


භානුක අමරසිංහ


කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ හැව්ලොක් සිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය අයත් ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගමේ නව සභාපතිනිය ලෙස ආචාර්ය රාණි ජයමහ මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූලි 23 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය සමාගමේ ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂවරියක සහ සභාපතිනිය ලෙස පත් කර ගෙන තිබේ.

මෙම පත්වීම ලබන අවස්ථාව වන විටත් ඇය 2013 වසරේ සිට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කර තිබේ. වසර 50කට අධික කාලයක් ආර්ථික, බැංකුකරණ, මූල්‍ය, නියාමන සහ පරිපාලන අංශයන්හි අත්දැකීම් සහිත ජයමහ මහත්මිය 2020 - 2023 කාලසීමාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පත් කළ සාමාජිකාවක ලෙස කටයුතු කළාය. එසේම ඊට පෙර ඇය හැටන් නැෂනල් බැංකුවේ මෙන්ම HNB ඇෂුවරන්ස් පීඑල්සී යන සමාගම්හි සභාපතිනිය ලෙසත් කටයුතු කර තිබේ.



අදහස් (0)

ආචාර්ය රාණි ජයමහ ඕවර්සීස් රියැලිටි සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site