ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව ලබා දෙන ලාබ නොලබන, ලියාපදිංචි දානපති සංවිධානයක් වන අවින්‍යා පදනමේ නව සභාපතිවරයා ලෙස දුමින්ද්‍ර රත්නායක මහතා පත් කර ඇත. අවින්‍යා පදනමේ නිර්මාතෘ සහ WSO2 හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘවරයා ද වන ආචාර්ය සංජීව වීරවර්ණ මහතාගෙන් පසු ඔහු මෙම සභාපති ධුරයට පත්වී ඇත.
අවින්‍යා පදනම විසින් බණ්ඩාරගම අවින්‍යා ඇකඩමිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. සාම්ප්‍රදායික අධ්‍යාපන විෂය ධාරාවෙන් අසමත් වූ වයස අවුරුදු 18-25 අතර ඌන වරප්‍රසාදිත තරුණ තරුණියන් 21 වැනි සියවසේ අත්‍යවශ්‍ය කුසලතාවලින් සන්නද්ධ කිරීමට වාර්ෂිකව පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙනු ලැබේ. මෙම සිසුන්ට අවශ්‍ය ප්‍රායෝගික වෘත්තීය අත්දැකීම් ලබා දීම සඳහා අවින්‍යා ඇකඩමිය සම්පත් බැංකුව, සිංගර් ශ්‍රී ලංකා, Sensus BPO, MRS Recovery Services, ROOTS Sri Lanka, Jumping Beans Café, Carmart, Mo-cher Salon, Superloop TechHub, SPAR Supermarket සහ The Tea Project වැනි මේ සඳහා සහයෝගය දක්වන හවුල්කාර ආයතන සමග අත්වැල් බැඳගෙන ඇත.
දුමින්ද්‍ර රත්නායක මහතා සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා දිවයින පුරා නොමිලේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබා දෙනු ලබන 1990 සුව සැරිය පදනමේ මෑතකාලීන හිටපු සභාපතිවරයාය. 1990 පූර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ඔහු මූලික වූ අතර එහි ආරම්භක සභාපතිවරයා ලෙස දෙවරක් සේවය කරමින් දිවයිනේ සියලුම ප්‍රදේශවලට එම සේවාව ව්‍යාප්ත කිරීමට දායක විය.
අවින්‍යා පදනමේ සභාපති ධුරයට දුමින්ද්‍ර රත්නායක