2025 වසරේ පවතින අඩු උද්ධමන අනුපාතිකය ආර්ථික වර්ධනයට බාධාවක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස වී තිබේ. ආර්ථික අර්බුදය පැවැති කාලයේ තිබුණ අධික උද්ධමන අනුපාතිකය වෙනුවට අවම අගයක් දක්වා පරිවර්තනය වී ඇත. ජීවන වියදම් දර්ශකයේ ඉහළ යෑම සියයට 0.7 ක් බව ජුලි මාසයේ වාර්තා දක්වයි.
2026 අය වැය සකස් කිරීම සම්බන්ධ සාකච්ඡා වට ගණනාවක් දැනට පවත්වා ඇති රජය දෙස් විදෙස් ආයෝජන අංශ සහ සාමාන්‍ය ජනතාවට ආර්ථථිකය නගා සිටුවන සියලු උපාය සඳහා සූදානම් බවක් අඟවමින් සිටී. පළාත් මටට්මින් මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන අතර මෙම වසරේ අය වැය මගින් වෙන්කරනන ලද මුදල් වැය නොකිරීම ගැන රජයේ කනස්සල්ලක් ද මතුවී තිබේ. මෙම පැතිකඩ කොටස් වෙළෙඳපොළ ස්ථාවරත්වය කෙරෙහි යම් බලපෑමක් ඇති කරනු ඇත. සාමාන්‍යයෙන් නිතර ගනුදෙනු නොවෙන සමාගම්වල කොටස් මිල දී ගැනීමට ගනුදෙනුකරුවන් සූදානම් වී තිබෙන බව පෙනේ. ආකර්ෂණීය සමාගම්වල කොටස් මිල ඉහළ මිලක් දක්වා පැමිණ තිබෙන අතරවාරයේ මෙම දෙවැනි පෙළ කෙරෙහි ආයෝජන අංශවල යම් උනන්දුවක් ඇති වී තිබේ. කෙසේනමුත් මෙම සමාගම්වල කොටස් මිල හා එහි බලපෑම ගැන අවබෝධයක් සහිතව මිල දී ගැනීම සුදුසු විය හැකිය. මිල දී ගැනීමේ රැළි විසින් කෘතීම මිල ගණන් ඇති කරන අවදානමක් ඇත. දිනයේ (අගෝ 27) ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,753.21 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 139.82 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,062.44 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 13.64 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 7.38 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 42,938 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 330.69 ක් විය. සමාගම් 172 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 78 කි.
නිරීක්ෂක
අවධානයක් නොතිබූ සමාගම්වලට ඉල්ලුමක්