
අලියාන්ස් SE සමාගම (ජර්මනියේ මියුනික් නුවර මූලස්ථානය කරගත්) විසින් ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා යුරෝ 200,000 ක මුදලක් පරිත්‍යාග කරන බව නිවේදනය කළේය. මෙයට අමතරව, අග්නිදිග ආසියානු කලාපයේ සහන කටයුතු වෙනුවෙන් තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත යුරෝ 400,000 ක මුදලක් ලබා දෙමින් අලියාන්ස් SE සිය සහයෝගය පුළුල් කර ඇත.
අග්නිදිග ආසියාව පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හටගත් දරුණු ගංවතුර සහ නායයෑම් වලින් සතියක කාලයක් තුළ පුද්ගලයන් 1,100කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර, අතුරුදන් වූ සිය ගණනක් සෙවීමේ සහන මෙහෙයුම් ද මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ. ආසියාව පුරා මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයන්ට සේවය කරන අලියාන්ස්, මෙම රටවල් තුනෙහිම සිය දේශීය ශාඛා හරහා ප්‍රජාව සමග සමීපව කටයුතු කරයි. මෙලෙස විපතට පත් ජනතාවට සහ ප්‍රජාවට සහය වීම මගින්, දුෂ්කර අවස්ථාවලදී සිය පාර්ශ්වකරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන බවට වන සිය පොරොන්දුව අලියාන්ස් ආයතනය ක්‍රියාවෙන් තහවුරු කර ඇත.
ලංකාව වෙනුවෙන් වෙන් කරන ලද යුරෝ 200,000 ක ප්‍රදානය අදියර දෙකක් යටතේ ලබා දීමට නියමිතය. මෙයින් යුරෝ 100,000 ක මුදලක් විපතට පත් වූවන්ට අවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS) වෙත ලබා දීමට නියමිතය. අනෙක් යුරෝ 100,000 ක මුදල අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ තෝරාගත් දේශීය හවුල්කරුවන් හරහා ප්‍රජාව නැවත නගා සිටුවීමට සහ අනාගත ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට යොදා ගැනේ.
මෙම අවස්ථාව සම්බන්ධව අදහස් දක්වමින් අලියාන්ස් SE හි කළමනාකාර මණ්ඩල සාමාජිකා රෙනාටේ වැග්නර් මහත්මිය මෙසේ සඳහන් කළාය.
‘අලියාන්ස් සමාගම ලෙස අපි අග්නිදිග ආසියානු කලාපය පුරා දරුණු ගංවතුරින් විපතට පත් ජනතාවට ශක්තියක් වෙමින් ඔවුන් සමග සිටින්නෙමු. ඔවුන් සදහා අපි කඩිනම් සහන සහ දිගුකාලීන ප්‍රතිසාධන කටයුතු මගින් පවුල් නගාසිටුවීමටත්, ප්‍රජාව ශක්තිමත් කිරීමටත්, අනාගතයේදී ඇති විය හැකි දේශගුණික අවදානම්වලට වඩාත් හොඳින් මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් කැපවී සිටින්නෙමු.
අලියාන්ස් ආසියා පැසිෆික් කලාපීය ප්‍රධාන විධායක නිලධාරිනි අනුෂා තවරාජා මහත්මිය අදහස් දක්වමින් මෙසේ පවසා සිටියාය. ‘ශ්‍රී ලංකාවල ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල බොහෝ පවුල් සහ ප්‍රජාවල ඔවුන්ගේ ජීවිතයේ බොහෝ දෑ අහිමි වී ජීවිතයේ අසීරුතම අවස්ථාවට මුහුණ දෙමින් සිටිති. අලියාන්ස් සමාගම ලෙසින් අපල ඔවුන්ට ශක්තියක් වෙමින් සිටින්නෙමු. ආසියා පැසිෆික් කලාපය යනු අපේ සේවකයන්, පාරිභෝගිකයන් සහ අප සේවය කරන ප්‍රජාව බහුතරයක් වෙසෙන කලාපයක් වන අතර, එම කලාපය අපගේ අවධානයට ලක්ව ඇත. අපගේ ක්ෂණික අවබෝදය යොමු වී ඇත්තේ වඩාත් අවශ්‍ය ස්ථානවලට සහන සැලසීමට වන අතර, පීඩාවට පත් වූවන්ට විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි වන පරිදි ප්‍රජාව නැවත ගොඩනැගීමට සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ද අප සහයෝගය ලබා දෙන්නෙමු.
අලියාන්ස් සමාගම ආසියානු වෙළෙඳපොළ තුළ දැනටමත් ප්‍රබල ස්ථානයක් හිමිකර ගැනීමට හැකි වී ඇත. ඉන්දුනීසියාවල තායිලන්තය සහ ලංකාව පමණක් නොව චීනයල ඉන්දියාවල මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල ද විවිධ ව්‍යාපාරික අංශ ඔස්සේ සිය සේවා සැපයීමට අලියාන්ස් කටයුතු කර ඇත.
එමෙන්මල අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී හා ශ්‍රී ලංකා ප්‍රධානී ප්‍රශාන්ත් ග්‍රෝවර් මහතා මෙසේ ප්‍රකාශ කළේය.
‘මෑතකදී ඇති වූ ගංවතුර ලංකාව පුරා ප්‍රජාවට දැඩි බලපෑමක් එල්ල කළ අතර, එමගින් නැවත ගොඩනැගීමේ සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාව මනාව පැහැදිලි විය.
මෙවැනි අවස්ථාවක අලියාන්ස් ලංකා ලෙස අපගේ ප්‍රමුඛතාවය වන්නේ සමාජය වේගයෙන් යථා තත්වයට පත්වීමට ඉඩ සැලසීම සහ අනාගතය වෙනුවෙන් ජීවිත මෙන්ම ජීවනෝපාය සුරක්ෂිත කිරීමයි. අලියාන්ස් සමූහයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන සහන මෙහෙයුම් හරහා අප ප්‍රජාවට ස්ථාවරත්වය ලබා ගැනීමටත්, දිගුකාලීන ශක්තිය ගොඩනගා ගැනීමටත් සහයෝගය ලබා දෙන්නෙමු.
අලියාන්ස් වෙතින් අග්නිදිග ආසියාවට යුරෝ 600,000 ක කලාපීය සහන වැඩසටහනක් ශ්‍රී ලංකාවට යුරෝ 200,000 ක ප්‍රදානයක්