IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


අල්පිටියට හෙළ බොජුන්හලක්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත, ඇල්පිටිය චන්දසිරි ගුණසේකර සහ පිටිගල ඩී.ජේ. විජේසිංහ


අල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස හෙළ බොජුන් හලක් ඉදිකිරීමට මුල් ගල් තැබීමේ උත්සවයක් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය නගර මධ්‍යයේදී පැවැත්විණ.
 ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වූ යෝජනාවක් සභා සම්මතවීමෙන් පසු එහි සභාපති සනත් ප්‍රියන්ත සුමනසිරි මහතා සහ එම ප්‍රාදේශීය සභාවේ සෙසු මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මේ මුල්ගල් තැබීම සිදු කෙරිණ.
මේ ආස්ථාවට ගාලු‍ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඇල්පිටිය සම්බන්ධීකරණ කමිටු සභාපති නිශාන්ත පෙරේරා මහතා සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සේවක සේවිකාවන් ඇතුළුවිශාල පිරිසක් සහභාගී වූහ. 



අදහස් (0)

අල්පිටියට හෙළ බොජුන්හලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site