IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


අලුත් වාර්තා සහිත වෙළෙඳපොළ තවත් ඉදිරියට

කොටස් වෙළෙඳපොළ ඊයේ (ජන 22) අලුත් දර්ශක වාර්තාවක්ක සහිතව ගනුදෙනු අවසන් කළේය. කෙසේ නමුත් විශාල පිබිදීමක් නැත. ඉසුරුමත් සමාගම්වල කොටස් මිල පහත වැටීමක් හා ඉල්ලුම අඩුවීමක් සනිටුහන් කළේය. ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන අදහස් පළ කර ඇති අතර ආයොජන අංශ එය අවධානයට ගෙන තිබේ. මෙම වසරේ වර්ධනය සියයට 3.5 ක් විය හැකි බව දැක්වේ. 
වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,813.77 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 7.45 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,617.85 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 1.47 ක සුළු පසුබෑමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 8.32 ක් සේ සනිටුහන්ය. ගනුදෙනු  47,270 ක් වාර්තා වී තිබුණි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 187.27 ක් විය. සමාගම් 143 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 102 කි. 
ඩොක්යාඞ් රු. මිලියන 761 ක්, රේණුකා ෆුඩ් රු. මිලියන 700 ක්,  හැටන් නැෂනල් බැංකුව  රු. මිලියන 462 ක්, රේණුකා ඇග්‍රි රු. මිලියන 389 ක්,  යූ.එම්.එල්.රු. මිලියන 368 ක්,  හේලීස් රු. මිලියන 294 ක්, ලාෆ් ගෑස් රු. මිලියන 240, සියෙරා  රු. මිලියන 232 ක්  ගෝල්ෆේස් කැපිටල්  රු. මිලියන 157 ක් සහ ප්‍රීමා ගෑන්ඩ් රු. මිලියන 143 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් විය.
නිරීක්ෂක 

 



අදහස් (0)

අලුත් වාර්තා සහිත වෙළෙඳපොළ තවත් ඉදිරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site