IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


අලුත් ආයෝජන අවස්ථා ඇති අලුත් සතියක ආරම්භය

කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙන අද දිනයේ දී තවත් වටයකින් ඉදිරියට ගමන් කරනු ඇතැයි සැලකේ. පසුගිය සතියේ පිරිහීම ඉකුත් සිකුරාදා (ජුනි 20) ගනුදෙනුවල දී අවසන් වූ අතර සමාගම් ගණනාවක කොටස් සඳහා අධි ඉල්ලුමක් තිබුණි. ආයෝජන අවස්ථා කිහිපයක් ඉදිරි දිනවල දී දෙස් විදෙස් ආයෝජකයන්ට ලැබේ. විදුල්ලංකා රුපියල් මිලියන පහක ණයකරයක් නිකුත් කොට ඇත. සිංගර් ෆිනෑන්ස් කොටස් දහසයක් හිමි පුද්ගලයකුට එක කොටසක් බැගින් අලුත් කොටස් මිල දී ගත හැකි අතර එහි වටිනාකම රුපියල් 26.50 ක් වේ. දැනට වෙළෙදපොළ විකිණුම් මිල රුපියල් 33.50 කි. සියපත ෆිනෑන්ස් ද රුපියල් මිලියන පහක ණයකරයක් ලැයිස්තු ගතකර තිබේ. බේරුවල රිසෝට් සහ මාරවිල රිසෝට් කොටසකට ශත එකක් බැගින් සිගිරිය විලේජ් කොටසකට රුපියල් තුනක් ප්‍රතිලාභ ප්‍රකාශයට පත්කරයි. බගවන්තලාව වැවිලි සමාගමේ කොටසකට රුපියල් දෙකක ප්‍රතිලාභ ලැබේ. 

ඉකුත් ජුනි 20 ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,087.95ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 269.74 ක පිබිදීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,099.28 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 80.13 වර්ධනයක් සේ වාර්තා වේ. විදේශීය ගනුදෙනු සක්‍රීයව තිබුණ නමුත් විකිණීමේ ප්‍රවණතාවක් විය. මිල දී ගැනීම් රුපියල් මිලියන 123.2 ක් වූ අතර විකිණීම් රුපියල් මිලියන 162.5කි. ගනුදෙනුවල දී රුපියල් මිලියන 2.3ක මුදලක් රටින් බැහැරට ගොස් තිබේ. 

මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 19,959 කි. සමාගම් 226 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 28 කි. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,502.80ක් විය. කොටස් මිලියන 98.8 ක් හුවමාරු වූ බව දැක්වේ. 

පෑන්ඒෂියන් පවර් රුපියල් මිලියන 124ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 121ක්, සම්පත් රුපියල් මිලියන 101ක්, ඊස්ට් වෙස්ට් රුපියල් මිලියන 75ක් ස්විස්ටෙක් රුපියල් මිලියන 70ක්, ජෝන් කීල්ස් රුපියල් මිලියන 69ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

අලුත් ආයෝජන අවස්ථා ඇති අලුත් සතියක ආරම්භය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site