භානුක අමරසිංහ
ජෝන්කීල්ස් සමූහයට අයත් කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස අරෝෂි නානායක්කාර සහ ක්‍රිස්ටෝපර් ෂනිල් ප්‍රනාන්දු පත් කරගත් බව එම සමාගම පවසයි.. ඒ අනුව මැයි 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ඔවුන් දෙදෙනා සමාගමෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්වනු ඇතැයි සඳහන් වෙයි.
මේ අතරින් අරෝෂි නානායක්කාර මහත්මිය මේ වනවිට සම්පත් බැංකුව, රෝයල් පාම් බීචි හොටේල්ස් සහ ටැන්ගරින් බීච් හොටේල්ස් පීඑල්සී යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි. මීට පෙර ඇය ABN AMRO Bank, Deutsche Bank, Eagle Insurance, Delmage Group සහ Brandix සමූහයේද ඉහළ තනතුරු දරා තිබේ. මීට අමතරව මෑතකදී පිහිටවුණු ලංකා ඉන්දියා ව්‍යාපාරික සංගමයේ උප සභාපතිනියද වෙයි.
ක්‍රිස්ටෝපර් ෂනිල් ප්‍රනාන්දු මහතා ගෝලීය තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වසර 25ක කාලයක අත්දැකීම් සහිත වෘත්තිකයෙකි. ඔහු Virtusa Coporation හි ආරම්භක සාමාජිකයෙකුද වෙයි. එසේම ඔහු Sysco Labs සම නිර්මාතෘවරයකුද වෙයි. වර්තමානයේදී ඒ මහතා Fernando Ventures නමින් ගෝලීය දේපළ වෙළෙඳාම සහ කෘෂි-සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ ආයෝජන සමාගමක් පවත්වාගෙන යයි.
අරෝෂි සහ ෂනිල් කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට