IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


අබාන්ස් ෆිනෑන්ස් වෙතින් රු.බි. 1.5ක ණයකරයක්

භානුක අමරසිංහ


අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 1.5 ක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර තිබෙන බව පවසයි. 
ඒ අනුව මෙහිදී ලැයිස්තුගත, වර්ග කෙරුණු, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් මිලියන 15ක් ලෙස මෙම නිකුතුව යෝජනා වී තිබේ. එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 1.5 කි. මෙම නිකුතුව සඳහා අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සමාගම සඳහන් කරයි.



අදහස් (0)

අබාන්ස් ෆිනෑන්ස් වෙතින් රු.බි. 1.5ක ණයකරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site