IMG-LOGO

2026 ජුලි මස 10 වන සිකුරාදා


අබාන්ස් ෆිනෑන්ස් ණයකරය CSE හි ලැයිස්තුගත කෙරේ

අබාන්ස් ෆිනෑන්ස් සමාගම සිදුකළ පළමු ණයකර නිකුතුවට අදාළ ණයකර කොටස් 13,384,000ක් කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ලැයිස්තුගත කිරීම පසුගියදා සිදුවිය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමාගමේ සහ කොළඹ කොටස් හුවමාරුවේ ඉහළ නිලධාරීන් එක්ව එහි ගනුදෙනු ආරම්භ කරන සීනුව නාද කිරීමත් විශේෂත්වයක් විය. 

මෙම  ණයකර නිකුතුව යටතේ අබාන්ස් ෆිනෑන්ස් සමාගම ලැයිස්තුගත, වර්ගකෙරූ, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවු, පිරිමුදවා ගත හැකි පස් අවුරුදු (2026/31) ණයකර කොටස් මිලියන 10ක්, එක් කොටසක් රුපියල් 10ක් බැගින් නිකුත් කෙරිණි. කෙසේ වෙතත් ඊට හිමි වූ අධිදායකත්වයත් සමගින් ණයකර කොටස් 13,384,000ක් සඳහා ඉල්ලු‍ම්පත්‍ර ඉදිරිපත් වූ අතර, නිකුතුව හරහා රැස් කෙරුණු මුදල රුපියල් 13,384,000 ක් විය.



අදහස් (0)

අබාන්ස් ෆිනෑන්ස් ණයකරය CSE හි ලැයිස්තුගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site