IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අප්‍රේල් මුල් දින 24ට සංචාරකයෝ 144,320 ක්

  • සියයට 22.1 ක ඉහළ යාමක්
  • ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 24 වැනිදා දක්වා 866,596 ක් සංචාරක පිරිසක්

විමුක්ති එස් රුද්‍රිගු

මෙම මස පළමු දින 24 තුළදී මෙරටට සංචාරකයන් 144,320 ක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24ට සාපේක්ෂව සියයට 22.1 ක ඉහළ යාමක් බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24දී මෙරටට සංචාරකයන් 118,134 ක් මෙරටට පැමිණ තිබිණි.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මෙම මස පළමු දින 24 දී මෙරටට දිනකට පැමිණි සංචාරකයන් ගණන සාමාන්‍යයක් ලෙස 6,013 කි. ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 24 වැනිදා දක්වා 866,596 ක් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ එම කාලය සමග සංසන්දනය කරන විට සියයට 15 ක වර්ධනයකි.

පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24 දී මෙරටට සංචාරකයන් 753,918 ක් පැමිණ තිබිණි. ශ්‍රී ලංකාවේ මෙම වසරේ සංචාරක ඉලක්කය ලක්ෂ 30 කි. මෙම මසදී සංචාරකයන් 224,710 ක් මෙරටට ගෙන්වා ගැනීමට සංචාරකයන් ඉලක්ක කර ඇත.

මෙම වසරේදී වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර දෙවැනි ස්ථානය රුසියාවටත්, තෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යයටත් හිමිව ඇත. පිළිවෙළින් ඉන්දියාවෙන් සංචාරකයන් 148,078 ක්, රුසියාවෙන් සංචාරකයන් 105,427 ක්, බ්‍රිතාන්‍යයෙන් සංචාරකයන් 85,206 ක් මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.



අදහස් (0)

අප්‍රේල් මුල් දින 24ට සංචාරකයෝ 144,320 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site