IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


අප්‍රේල් කොළඹ අවධමනය තවත් ලිහිල් වෙයි

ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉහළට


භානුක අමරසිංහ 


කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව පවසයි. 
ඒ අනුව මාර්තු මාසයේදී වාර්තා කළ ඍණ සියයට 2.5ක අවධමනයට සාපේක්ෂව යම් ලිහිල්වීමක් පෙන්නුම් කර ඇතැයිද මහ බැංකුව පෙන්වා දෙයි.  
මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි අවධමනය, මාර්තු මාසයේදී වාර්තා වූ සියයට 4.1 සිට සියයට 3.6ක් දක්වා පහළ බැස තිබේ. එසේම ආහාර කාණ්ඩයෙහි උද්ධමනය මාර්තුවේදී වාර්තා වූ සියයට 0.6 සිට අප්‍රේල් මාසයේදී සියයට 1.3ක් දක්වා ඉහළ නැග තිබේ. 
මේ අතර ඉදිරි මාස කිහිපය තුළදී අවධමන තත්ත්වය තවදුරටත් ලිහිල් වන බව පුරෝකථනවලින් පෙන්නුම් කරන බවත් මහ බැංකුව පවසයි.



අදහස් (0)

අප්‍රේල් කොළඹ අවධමනය තවත් ලිහිල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site