IMG-LOGO

2026 මාර්තු මස 01 වන ඉරිදා


අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කාර්යාංශය අතර සහයෝගිතා ගිවිසුමක්

නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කාර්යාංශය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සංවර්ධනය වෙමින් පවතින සහ කැගී එන රට වලින් යුරෝපයට ආනයනයන් සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම සහ තිරසර බව වැඩි කිරීමේ අරමුණින් ස්ථාපිත කරනු ලැබ ඇති ආයතනයක් වන ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කාර්යාංශය සහ ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ. 
එම ගිවිසුමට අත්සන් තැබීමෙන් ස්වාභාවික අමුද්‍රව්‍ය සහ කොරතුරු තාක්ෂණ බාහිර කරණ අංශවල ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර වලට, ජර්මානු සහ යුරෝපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමට සහාය වනු ඇත. ඒ අනුව, යෝජිත සහයෝගිතා ගිවිසුම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කාර්යාංශය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කාර්යාංශය අතර සහයෝගිතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site