IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


අපනයන වෙළෙඳාමට කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගැනීමේ වැඩමුළුවක් යාපනයේදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සහ අපනයන වෙළෙඳාම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගැනීම සහ එහි බලපෑම් පිළිබඳව වැඩමුළුවක් පසුගිය දා යාපනයේදී සාර්ථකව සංවිධානය කරනු ලැබීය.

අපනයන සංවර්ධන මණ්ඩලය උතුරු පළාත් කාර්යාලයේ සහයෝගීතාවෙන් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට දිස්ත්‍රික්කය පුරා සිටි සංවර්ධන නිලධාරීන් සහ අපනයනකරුවන් ඇතුළු 80 දෙනෙක් පමණ සහභාගී වූහ.

Blue Chip Asia හි ප්‍රධාන විධායක නිලධාරී උදිත බණ්ඩාර මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සැසිය AI ක්‍රියාත්මක කිරීම හරහා අපනයන ව්‍යාපාර වේගවත් කිරීමට සහ පරිවර්තනය කිරීමට ඇති ප්‍රායෝගික හැකියාව පිළිබඳව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැනුවත් කරන ලදී.

තම ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කිරීම සඳහා AI මෙවලම් උපයෝගී කර ගැනීම පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීම සහ අපනයන අංශයේ AI විසඳුම්වල උපායමාර්ගික වැදගත්කම අවබෝධ කර ගැනීම මෙම වැඩමුළුවේ අරමුණ විය. කාලය ගතවන ක්‍රියාවලි ස්වයංක්‍රීය කිරීමෙන් AI තාක්ෂණය මගින් ආයතනවලට මෙහෙයුම් පිරිවැය අඩු කරගත හැකි ආකාරය සහභාගිවන්නන් ඉගෙනගත් අතර එමගින් උපායමාර්ගික ව්‍යාපාරික අරමුණු කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

 



අදහස් (0)

අපනයන වෙළෙඳාමට කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගැනීමේ වැඩමුළුවක් යාපනයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site