IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


අපනයන කෘෂි බෝග 14 ක් ප්‍රවර්ධනයට වැඩසටහනක්

නිමල කොඩිතුවක්කු


අපනයන කෘෂි බෝග නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගම්මිරිස්, කෝපි, පුවක්, කොකෝවා, කරාබු, සාදික්කා, කරදමුංගු, වැනිලා, බුලත්, සේර, පැඟිරි, ගොරකා, කහ සහ ඉඟු‍රු යන අපනයන කෘෂි බෝග 14 ක් ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සංවර්ධන සහ පර්‌යේෂණ කටයුතු සිදු කරනු ලබයි.
වර්තමානය වන විට හෙක්ටයාර 82,000 ක පමණ වපසරියක මෙම බෝග ව්‍යාප්තව පවතින අතර, මිලියනයකට ආසන්න පාර්ශ්වකරුවෝ පිරිසක් අපනයන කෘෂි බෝග ආශ්‍රිත වගා හා කර්මාන්තවල නියැලී සිටිති.



අදහස් (0)

අපනයන කෘෂි බෝග 14 ක් ප්‍රවර්ධනයට වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site