IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අගෝස්තුවේදී නිෂ්පාදන කටයුතුවල මන්දගාමී වර්ධනයක්

  • නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අගෝස්තු මාසයේදී දර්ශකාංක 55.2ක්
  • නව ඇණවුම් දර්ශකාංකය 56.5ක්

විමුක්ති එස්. රුද්‍රිගු
පසුගිය ජූලි මාසයට සාපේක්ෂව පසුගිය අගෝස්තු මාසයේදී අඩු වේගයකින් වුවද මෙරට නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය අගෝස්තු මාසයේදී දර්ශකාංක 55.2 ක අගයක් වාර්තා කර තිබෙන බවද මහ බැංකුව පැවැසුවේය. පසුගිය අගෝස්තු මාසයේදී සියලු‍ම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුණ බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.
පසුගිය අගෝස්තු මාසයේදී නව ඇණවුම් දර්ශකාංක 56.5 ක් ලෙස සටහන් වූ අතර එය අඩු වේගයකින් ඉහළ යමක් විය. එසේම නිෂ්පාදන සහ සේවා නියුක්තිය දර්ශකාංක 54 ක් ලෙස සටහන් වූ අතර එය ද අඩු වේගයකින් ඉහළ යාමක් වූවේය. එහිදී තොග මිලදී ගැනුම් දර්ශකාංක 53.5 ක අගයක් ගත් අතර එය ද අඩු වේගයකින් ඉහළ යාමක් විය.
කෙසේ නමුත් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පසුගිය අගෝස්තු මාසයේදී දර්ශකාංක 57.1 ක් ලෙස සටහන් වන අතර එය වැඩි වේගයකින් ඉහළ යාමකි.

 



අදහස් (0)

අගෝස්තුවේදී නිෂ්පාදන කටයුතුවල මන්දගාමී වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site