IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අගෝස්තුවේදී ඉදිකිරීම් කටයුතු තවදුරටත් ඉහළට

භානුක අමරසිංහ


මේ වසරේ අගෝස්තු මාසයේදී ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක 61.1ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකුව පවසයි. ජූලි මාසයේදී එම දර්ශකය ඒකක 60.0 ක් විය. විශේෂයෙන්ම තාවකාලිකව අත්හිටුවන ලද ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමත් සමගින්ම, ව්‍යාපෘති ලබාගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනයවීම හේතුවෙන් ඉදිකිරීම් අංශයේ විශ්වාසය ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව සඳහන් කරයි. 

ඒ අනුව නව ඇනවුම් ලබාදීමේ දර්ශකය ජූලි මාසයේදී පැවැති 58.6 සිට අගෝස්තු මාසයේදී 59.7 ක වැඩි වේගයකින් ඉහළයෑමක් වාර්තා කර ඇත. එසේම සේවා නියුක්තිය ජුලි මාසයේ පැවැති ඒකක 50.0 සිට අගෝස්තු මාසයේදී ඒකක 52.8ක් දක්වා කඩඉම් මට්ටමේ සිට ඉහළ යෑමක් සිදුව තිබේ. 

 



අදහස් (0)

අගෝස්තුවේදී ඉදිකිරීම් කටයුතු තවදුරටත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site