IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


අගය එකතු කළ තේ ආශ්‍රිත ආංශික උපදේශන සභාවේ නව සභාපති හුසේෆා අක්බරලි

භානුක අමරසිංහ
අගය එකතු කළ තේ ආශ්‍රිත කර්මාන්ත අංශය පිළිබඳ ආංශික උපදේශන සභාවේ නව සභාපතිවරයා ලෙස තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන හුසේෆා අක්බරලි (Huzefa Akbarally) මහතා පත් කර ගත් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 
එම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශන සභා  20 අතරින් එකක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි. අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා අදාළ පත් කිරීම සිදු කර තිබේ.  එහි අනෙකුත් සාමාජිකයන් සංඛ්‍යාව 21 කි. 
හුසේෆා අක්බරලි මහතා අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගමෙහි විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. එම සමාගම ලංකා තේ අපනයනයේ ලොව විශාලතම සමාගම ලෙස සැලකෙයි. පසුගිය වසරේදී පැවැත්වුණු අපනයන සම්මාන උළෙලේදී එම සමාගම වසරේ ශුද්ධ විදේශ විනිමය උපයන්නා ලෙසටද සම්මානයට පාත්‍ර විය.

 



අදහස් (0)

අගය එකතු කළ තේ ආශ්‍රිත ආංශික උපදේශන සභාවේ නව සභාපති හුසේෆා අක්බරලි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site