
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් අග්බෝපුර මහා විද්‍යාලයීය වාණිජ සංගමය මගින් සංවිධානය කළ ‘‘Agbopura Food-Verse ‘26” පාසල් ව්‍යවසායකත්ව ආහාර ප්‍රදර්ශනය සහ වෙළෙඳපොළ උත්කර්ෂවත් හා සාර්ථක අන්දමින් පාසල් පරිශ්‍රයේදී පැවැත්විය.
අග්බෝපුර මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ ප්‍රායෝගික ව්‍යාපාරික කුසලතා, මූල්‍ය කළමනාකරණය, නිර්මාණශීලිත්වය මුළු මහත් ප්‍රදේශයටම විදහා දැක්වූ අත්දැකීමක් බවට මෙය පත්විය. ආහාර සූදානම් කිරීමේ සිට සෞඛ්‍යාරක්ෂිත ලෙස ඒවා පාරිභෝගිකයා වෙත සමීප කිරීම දක්වා සිසු සිසුවියන් දැක්වූ දක්ෂතාව මෙහිදි කැපී පෙනුණි.
එමෙන්ම Game Zone හරහා පැමිණි සැමට විනෝදාත්මක අත්දැකීමක් ලබාදෙන්නටත් ඔවුහු සමත් වුහ.
අනාගතයේ බිහිවන සාර්ථක ව්‍යවසායකයන් වෙනුවෙන් සිය විදුහල තැබූ තවත් තීරණාත්මක පියවරක් මෙසේ ආරම්භ කළ බව විදුහල්පති චාර්ල්ස් වනිගසේකර මහතා මෙහිදි පැවසීය.
මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කන්තලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) ගාමිණී බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක් වූහ.

අග්බෝපුර මහා විද්‍යාලයීය වාණිජ සංගමයෙන් ‘‘Agbopura Food-Verse ‘26” පාසල් ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය