IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


අඛණ්ඩව 22 වැනි වරටත් ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Canon

ඡායාරූපකරණ හා සිනමාකරණ ක්ෂේත්‍රයේ Canon යනු අමතක කළ නොහැකි සන්නාමයකි. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු Mirroless, PTZ, Camcorder, Powershot ආදී සියලු‍ම අවශ්‍යතා සඳහා ගැළපෙන කැමරා මාදිලි ඉතා සාධාරණ මුදලකට මිලදී ගැනීමට ඇති හැකියාව නිසා ලොව පුරා සිටින ඡායාරූප ශිල්පීන්ගේ හා සිනමා ශිල්පීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට Canon සමාගමට හැකියාව ලැබී ඇත. 
මෙවරත් තම උපාංගවල ගුණාත්මකභාවය මෙන්ම ඉහළ පාරිභෝගික ආකර්ෂණය තවදුරටත් තහවුරු කරමින් Canon සමාගම අඛණ්ඩව 22වැනි වරටත් ගෝලීය කැමරාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වී ඇත. මෙම දැවැන්ත සන්නාමය යටතේ පැමිණෙන සියලු‍ම Canon උපාංග ලංකාව තුළ බෙදා හැරීමේ බලය ලත් එකම අලෙවි නියෝජිතයා වන්නේ Metropolitan Technologies ආයතනයයි.
ඉහළ ගුණාත්මකභාවයකින් යුතු Mirroless, PTZ, Camcoder, Powershot ආදී කැමරා උපාංග රැසක් ඉතා සාධාරණ මුදලකට සහ අසම සම වගකීම් කාලයක් යටතේ මිල දී ගැනීමට ඇති හැකියාව නිසා ශ්‍රී ලංකාව පුරා සිටින ඡායාරූප ශිල්පීන්ගේ මෙන්ම සිනමා ශිල්පීන්ගේ විශ්වාසය දිනා ගැනීමට Metropolitan Technologies  ආයතනය සමත් වී ඇත. වසර 50කට අධික කාලයක් ලංකාව තුළ Canon නිෂ්පාදන බෙදා හැරීමට මෙන්ම අලෙවියෙන් පසු ගුණාත්මක සේවයක් සැපයීම‌ට හා තම පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන දැනුම සැපයීමට Metropolitan Technologies සමාගම අඛණ්ඩව කැප වී සිටී. කොළඹ Liberty Plaza පළමු මහලෙහි අලු‍තින් නිමැවුණු Canon Metropolitan Photohub නවතම ශාකාව මගින් තම පාරිභෝගිකයන්ට නව අත්දැකීමක් සමග විශ්වාසනීය සේවාවක් ඉදිරියටත් සැපයීම Metropolitan Technologies අපේක්ෂාවයි.



අදහස් (0)

අඛණ්ඩව 22 වැනි වරටත් ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Canon

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site