IMG-LOGO

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා


‘e-Drive’ ව්‍යාපෘතිය හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි

ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ්  පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC), පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී (Best Corporate Citizen Sustainability Awards) සුවිශේෂී ඇගයීමකට ලක් විය. 
එනම්, සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති ‘e-Drive’  විද්‍යුත් කුලී රථ සේවාව වෙනුවෙන් ‘හොඳම තිරසාර ව්‍යාපෘතිය’ (Best Sustainability Project)  සඳහා වන කුසලතා සහතිකයට හිමිකම් කීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට හැකියාව ලැබිණි. මෙම ජයග්‍රහණය හරහා ලංකාවේ තිරසාර සහ නව්‍ය ප්‍රවාහන විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සතු හැකියාව තවදුරටත් තහවුරු වී ඇත.
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි පර්‌යේෂණ හා සංවර්ධන (R&D)  අංශය විසින් මෙරටදීම නිපදවන ලදී ‘e-Drive’  ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ පෙට්‍රල් මගින් ධාවනය වන ත්‍රිරෝද රථ, පූර්ණ විදුලි ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමයි. මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා කොළඹ, යාපනය සහ මාතර යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ‘e-Drive’  ත්‍රිරෝද රථ 58ක් ධාවනයට එක් කර තිබේ. ඒවා මගින් සම්පූර්ණ කර ඇති පරිසර හිතකාමී කිලෝමීටර් ගණන මිලියන 2.35කට වඩා වැඩි බවට වාර්තා වී ඇත. මේ හරහා වායුගෝලයට එක්වන හරිතාගාර වායු (tCO₂e) ප්‍රමාණය ටොන් 156කින් පමණ අවම කිරීමටත්, පොසිල ඉන්ධන ලීටර් 102,213ක් ඉතිරි කර ගැනීමටත් මෙම සමාගමට හැකි වී තිබේ.
තවද, පාරිසරික ප්‍රතිලාභවලට අමතරව මෙම ව්‍යාපෘතිය හරහා ජීවනෝපාය 65ක් උත්පාදනය කර දී ඇත. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ කාන්තා රියදුරන් සිව්දෙනකු සඳහා ද රැකියා අවස්ථා හිමිකර තිබීමයි.



අදහස් (0)

‘e-Drive’ ව්‍යාපෘතිය හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site