IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


Wedagedara Producers පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස්

Wedagedara Producers පෞද්ගලික සමාගම සිය නිෂ්පාදන මිල දී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස් දීමේ වැඩසටහනක් දියත් කර තිබේ. ආයුර්වේද හා ශාක සාර නිෂ්පාදන භාවිතය පිළිබඳව පාරිභෝගිකයන්ට නිසි මාර්ගෝපදේශනයක් සැපැයීම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. පාරිභෝගිකයන්ට මෙම සේවාව යටතේ සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබේ. 

ඔවුන්ගේ අවශ්‍යතාව නිසි ලෙස හඳුනා ගන්නා රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු කණ්ඩායමක් දුරකතනයෙන් අදාළ උපදෙස් පාරිභෝගිකයන්ට සපයති. භෞතිකව වෛද්‍යවරයකු හමු වීමට අවශ්‍ය පාරිභෝගිකයන්ට ආයතනයට පැමිණ සාධාරණ ගාස්තුවක් යටතේ සේවා ලැබිය හැකිය. අලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති Wedagedara Producers  සමාගම සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය උරුමය සහ නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කරන ඖෂධ රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. ඖෂධවල සුරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන එම සමාගම ISO 22000, HACCP, GMP  ඇතුළු දේශීය සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් තත්ව සහතික රැසක් ලබා තිබේ. 

නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය ශාක කොටස් පරිසරයට හානියක් නොවන සේ සපයා ගන්නා අතර නිෂ්පාදන ක්‍රියාවලියද පරිසර හිතකාමී ලෙස සිදු කරයි. මේද දහනය කරන ස්වාභාවික අතිරේකයක් වන  Garsy Herbal Candy, අක්මාවේ නිරෝගීභාවය ඇති කරන  LivosBee,  මුඛය නැවුම්ව තබන  OSUVITA Herbal Fresh,  දියවැඩියා රෝගීන්ට නිපදවනBliss Tea  (සීනි රහිත), පුරුෂ ශක්තිය වැඩි කරන  Pulse Max  සීනි රහිත ක්ෂණික පස්පංගුව වට්ටෝරුවක් වනSuwatha,  ආයුර්වේද වෛද්‍යවරු සියයකට වැඩි පිරිසක් කළ පර්යේෂණවලින් දියවැඩියා රෝගීන්ට නිපදවූ DiabeCare ආදී  ඔසු Wedagedara Producers  සමාගමේ නිෂ්පාදන අතර ප්‍රධාන වේ. Cargills සහ Arpico  සුපිරි වෙළෙඳසල්, බටහිර සහ ආයුර්වේද ඔසුසල්, සමාගමේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාල හරහා Wedagedara  නිෂ්පාදන මිල දී ගත හැකිය.



අදහස් (0)

Wedagedara Producers පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site