IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


Voyage Sri Lanka 2025 16 දා ඇරැඹේ

භානුක අමරසිංහ


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන Voyage Sri Lanka 2025 සමුළුව ලබන ඔක්තෝබර් 16 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර සමුළුවේහි තේමාව වන්නේ “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාව අනාවරණය කිරීම” යන්නයි. 
ගෝලීය නියෝජිතයින් 200 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතුව මෙය පැවැත්වෙනු ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 2024 දී පැවැත්වුණු මෙහි මංගල සමුළුවේ සාර්ථකත්වය මත පදනම් වෙමින්, Voyage Sri Lanka 2025 සමුළුව පැවැත්වෙයි. මෙම සමුළුව සඳහා ලියාපදිංචි වීම www.voyagesrilanka.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සිදුකළ හැකි බව එම මණ්ඩලය සඳහන් කරයි.



අදහස් (0)

Voyage Sri Lanka 2025 16 දා ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site