IMG-LOGO

2026 ජනවාරි මස 07 වන බදාදා


VFS Global මෝල්ටා වීසා අයදුම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ආරඹයි

රජයන්ට සහ පුරවැසියන්ට ආරක්ෂිතව රටවල් හරහා ගමන් කිරීමට ඇති හැකියාව බලගන්වන විශ්වසනීය තාක්ෂණික සේවා සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙසට, VFS Global විසින් නව දිල්ලියේ මෝල්ටා මහ කොමසාරිස් කාර්යාලය සමග එක්ව, කොළඹ මෝල්ටා වීසා අයදුම්පත් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව නිවේදනය කළේය. 
නේපාලය සඳහා මෝල්ටා තානාපතිවරයා මෙන්ම ඉන්දියාව, මාලදිවයින, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සඳහා මෝල්ටා මහ කොමසාරිස්වරයා ද වන රූබන් ගවුසි සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා VFS Global හි දේශීය කළමනාකරු ලෙසට කටයුතු කරන මන්ප්‍රීත් සිං අරෝරා විසින් නිල වශයෙන් අරඹන ලද මෙම මධ්‍යස්ථානය, 2026 පෙබරවාරි 1 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
මෝල්ටාවට යෑමට අවශ්‍ය ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ඔවුන්ගේ ෂෙන්ගන් වීසා අයදුම්පත් කොළඹ දීම ලබාදීමේ පහසුව මෙම නව මධ්‍යස්ථානය මගින් ලබා දෙනු ඇත. එසේම එම වීසා අයදුම්පත් තක්සේරුවට ලක් කිරීම නවදිල්ලියේ මෝල්ටා මහ කොමසාරිස් කාර්යාලය විසින් අඛණ්ඩව සිදු කරනු ඇත.
මේ අතර, VFS Global ආයතනය, ශ්‍රී ලංකාව තුළ වඩාත් විශාල, වැඩිදියුණු කළ මධ්‍යස්ථානයකට පැමිණ සිටී. අංක 675, ආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා මාවත, කොළඹ 09 ලිපිනයේ පිහිටා තිබෙන මෙම වර්ග අඩි 80,000 ක් පුරා පැතිරුණු නව මධ්‍යස්ථානය නවීන පහසුකම් වලින් සමන්විත වන අතර, පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර, වඩාත් වැඩිදියුණු කළ පාරිභෝගික අත්දැකීමක් ද ලබා දෙනු ඇත.
මෙම ඉඩකඩ සහිත නව VFS Global පරිශ්‍රය වෙතින්, මනා පුහුණුවකින් යුතු පාරිභෝගික සේවා සපයන කාර්ය මණ්ඩලයක ද සහාය සමඟින්, වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පුරාම අයදුම්කරුවන්ට බාධාවකින් තොර, සුවපහසු අත්දැකීමක් සපයනු ඇත.
නේපාලය සඳහා මෝල්ටා තානාපතිවරයා මෙන්ම ඉන්දියාව, මාලදිවයින, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සඳහා මෝල්ටා මහ කොමසාරිස්වරයා වන අතිගරු රූබන් ගවුසි මෙසේ පැවසීය.
“රැකියා කටයුතු හෝ අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම සහ විවේකය ගත කිරීම සඳහාත් මෝල්ටාවට යන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාවේ ස්ථාවර වැඩිවීමක් අපට දැක ගත හැකියි. කොළඹ මෝල්ටා වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීම මගින් අයදුම්කරුවන්ට වඩාත් වැඩි පහසුවක් මෙන්ම වැඩිදියුණු කළ ප්‍රවේශයක් සැපයීමට හැකියාව ලැබී තිබේ. වීසා සම්බන්ධ සේවා කාර්යක්ෂමව සහ ඉහළම ප්‍රමිතින්ට අනුගත වෙමින් ලබා දෙන බව සහතික කරන VFS Global හි අඛණ්ඩ හවුල්කාරිත්වය සහ වෘත්තීයභාවය අපි අගය කරන්නෙමු”‍. 
“2008 වසරේ සිට මෝල්ටාව සමඟ අප පවත්වාගෙන යන දීර්ඝ කාලීන හවුල්කාරිත්වයෙන්, මෝල්ටා රජය තුළ අප සම්බන්ධයෙන් පවතින ගැඹුරු විශ්වාසය පිළිබිඹු කෙරේ. වැඩිදියුණු කරන ලද, වැඩි අවකාශයකින් යුතු අපගේ මධ්‍යස්ථානයක් කොළඹ දී දියත් කිරීමත් සමග, මෝල්ටාවට යන ශ්‍රී ලාංකික සංචාරකයන්ට අති නවීන පහසුකම් සහ වඩාත් වැඩි පහසුවක් සමග අපගේ සේවය ලබා ගැනීමට ඉඩ ලැබී තිබේ. මනා පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක සහාය ද ඇතිව, මෝල්ටා රජය වෙනුවෙන් බාධාවකින් තොරව, කාර්යක්ෂමව සහ විශ්වසනීයව වීසා අයදුම්පත් සම්බන්ධ සේවාවන් ලබා දීමට අපි ඇප කැපවී සිටින්නෙමු,” යනුවෙන් දකුණු ආසියාවේ VFS Global ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යුමී තල්වාර් ප්‍රකාශ කරන ලදී.



අදහස් (0)

VFS Global මෝල්ටා වීසා අයදුම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ආරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site