IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


UDA සභාපති කුමුදු ලාල් ඔන්‘ඇලි හෝල්ඩිංග්ස් සභාපති ධුරයට

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ON’Ally Holdings PLC  සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු ලොකු බෝගහවත්තගේ කුමුදු ලාල් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ඔක්තෝබර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සභාපතිවරයා ලෙස පත් කර තිබේ. 
ආසන්න වසර තුනක කාලයක් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආර්චි ජේම්ස් බුක්ලන්ඩ් වාර්මාන් මහතාගේ ධුර කාලය සම්පූර්ණවීමෙන් අනතුරුව මෙම නව පත් කිරිම සිදු කර තිබේ. 
ඉංජිනේරු කුමුදු ලාල් මහතා අද වනවිට නිවාස, ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. ඒ මහතා සතුව වසර 28 කට අධික කාලයක සිවිල් සහ පරිසර ඉංජිනේරුවිද්‍යාව පිළිබඳව අත්දැකීම් සහිත බවත්, ජල සහ අපජල බහාලීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳවද අත්දැකීම් සහිත බව පවසයි. 
ON’Ally Holdings PLC  සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් සියයට 44.80 ක් නාගරික සංවර්ධන අධිකාරියට අයත් වෙයි. එහි වැඩිම කොටස් හිමිකරුවා වන්නේ සියයට 50.88ක කොටස් ප්‍රතිශතයක් හිමි ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමයි. 



අදහස් (0)

UDA සභාපති කුමුදු ලාල් ඔන්‘ඇලි හෝල්ඩිංග්ස් සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site