
Three Sinha Industries පෞද්ගලික සමාගම CNCI Achievers Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ Three Sinha Industries වර්තමානයේදී මෙරට ඉදිකිරීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශ්වාසනීය සහ කීර්තිමත් සමාගමක් බවට පත් වී තිබේ. එම සමාගම කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතාගේ නායකත්වය යටතේ දේශීය සහ විදේශීය සම්මාන සහ ඇගැයීම් රැසක් ලබා ඇත. ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ විශ්වසනීයභාවය වෙනුවෙන් කැප වූ එම සමාගම දේශීය මෙන්ම ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුගත වීම වෙනුවෙන් තත්ව සහතික රැසක්ද දිනා තිබේ.
නේවාසික, වාණිජ, කාර්මික යන අංශවල බහුවිධ අවශ්‍යතාවලට ගැළපෙන සේවා රැසක් Three Sinha Industries වෙතින් ගත හැකිය. Roller Doors, Shutters, Fire-Resistant Doors, Aluminium Fabrications, Sensor-Operated Doors සහ Automatic Barriers ඒ අතර ප්‍රධාන වේ. ආරක්ෂාවල කල් පැවැත්ම, භාවිතයේ පහසුව කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කරමින් ඒවා නිපදවා ඇත. තිරසාර බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම On Grid, Off Grid, Hybrid යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති සේවාද සපයයි. මෙරට Pre-Fabricated සහ Pre-Engineered යන ඛාණ්ඩ දෙකට අයත් වානේ ඉදි කිරීම් සේවා සපයන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන IKLO Industries එම සමාගමට අනුබද්ධ සමාගමකි. කාර්යක්ෂමතාව සහ අනුවර්තන හැකියාව ඉහළ නැංවීම සඳහා උසස් තාක්ෂණය යොදා ගන්නා එම සමාගම මහා පරිමාණ ඉදිකිරීම් කරන අතර, (SLIDA) ඉදි කිරීම් කොන්ත්‍රාත්තුද භාර ගනී. කෘෂිකාර්මික ක්ෂේත්‍රයටද පිවිස ඇති එම සමාගම කෘෂිකාර්මික අවශ්‍යතාවලට ගැළැපෙන ට්‍රැක්ටර් ට්‍රේලර් මාදිලි රැසක් හඳුන්වා දී ඇත. Three Sinha Industries ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට (IOC) සහ ලංකා ඉන්දීය ඛණිජ තෙල් සංස්ථාවට (CPC) අවශ්‍ය ඩීසල් ගබඩා ටැංකි සපයන සැපයුම්කරුවෙක්ද වේ. මෑතකදී ඇරැඹූ Three Sinha Glass & Aluminum පෞද්ගලික සමාගම නේවාසික සහ වාණිජ අවශ්‍යතාවලට ගැළැපෙන උසස් තත්ත්වයේ වීදුරු සහ ඇලුමිනියම් විසඳුම් රැසක් සපයයි. සියලුම වර්ගයේ Tempered Glass, Shower Cubicle, Glass Railing, Glass Roof සහ Skylight (Tempered Roof සහ Canopy) වීදුරු නිෂ්පාදන අතරින් කිහිපයකි. ඊට අමතරව Aluminum Door, Window, partition, façade සහ curtain wall system ඇතුළු ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන රැසක්ද එම සමාගමෙන් මිල දී ගත හැකිය.
Three Sinha ඉන්ඩස්ට්‍රීස් CNCI රන් සම්මාන දිනයි