පරම්පරා හතරකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ අවන්හල් ජාලය වන Tea Avenue නිල වශයෙන් ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීම පසුගියදා නිවේදනය කළේය. Franchise India සමූහයට අයත් FranGlobal සමඟ එක්ව මෙම ඉන්දීය වෙළෙඳපොළට ප්‍රවේශවන අතර, ශ්‍රී ලංකාවෙන් පිටත Tea Avenue ශාඛාවක් අරඹන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. ලොව ඉහළම ගතිකත්වයකින් යුතු තේ වෙළෙඳපොළක්වන ඉන්දියාවට පිවිසීමත් සමඟ වර්ෂ 2035 වනවිට ලොව පුරා Tea Avenue ශාඛා 200කට වැඩි ගණනයක් විවෘත කිරීම සමාගමේ සැලසුම වී තිබේ.
වර්ෂ 2014දී ද සිල්වා පවුල කොළඹදී ආරම්භ කරන ලද Tea Avenue හි ඉතිහාසය වර්ෂ 1936 දක්වා අතීතයට දිවයයි. සාම්ප්‍රදායික තේ ව්‍යාපාරයක සිට උරුමය සහ නූතනත්වය හොඳින් මුහු කරගත් නව අවන්හල් සංකල්පයක් ලෙස Tea Avenue විවෘත කෙරුණි. ඊටම අනන්‍ය වූ තේ වර්ග සහ නවීන මෙනුවකින් ද සුවපහසු අවන්හල් පරිසරයකින් ද සමන්විත Tea Avenue ලාංකිකයන් අතර මෙන්ම විදෙස් සංචාරකයන් අතර ද විශාල ජනප්‍රියත්වයක් අත්කරගැනීමට සමත්විය.
අපේ සන්නාමය අතීත උරුමය මත ගොඩනැඟී තිබුණත්, වර්තමාන ජන ජීවිතයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා. එහිදී ඉන්දියාව සෑමවිටම අපේ ආකර්ෂණය දිනාගත් වෙළෙඳපොළක්. FranGlobal හි හවුල්කාරීත්වයත් සමග මෙය හුදෙක් වයාපාර ප්‍රසාරණයකට වඩා අපේ සාර්ථකත්වයේ කතාවේ දිගුවක් ලෙස ඉන්දියානු ප්‍රවේශය හැඳින්විය හැකියි යනුවෙන් Tea Avenue නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සජීව් ද සිල්වා මහතා පැවසුවේය.
ඒ අනුව ඉදිරි මාස 12-18 කාලය තුළ නවදිල්ලිය, මුම්බායි සහ බැංගලෝර් යන නගරවල Tea Avenue ශාඛා ආරම්භ වීමට නියමිත ය. ඒවා ප්‍රමුඛ අවන්හල් ලෙස මෙන්ම කුඩා kiosks යන්ත්‍ර සහ හෝටල් ආශ්‍රිත තේ අවන්හල් ආදී ලෙස පුළුල් පරාසයකින් විවිධ වෙළෙඳපොළවල් සහ ආයෝජන මට්ටම්වලට ගැළපෙන ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇත. අවන්හල්වලට අමතරව Tea Avenue සන්නාමය යටතේ තේ නිෂ්පාදන, විශේෂ මිශ්‍ර කළ තේ, තෑගි භාණ්ඩ ආදිය ද ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වාදෙනු ඇත.
උසස්ම තේ රසවින්දන අත්දැකීමකට සමපාතවන ගෝලීය සන්නාමයක් ලෙස Tea Avenue ස්ථානගත කිරීම අපේ බලාපොරොත්තුවයි. Tea Avenue හි මව් සමාගමවනEmpire Teas සමාගම යනු වසර 25ක් මුළුල්ලේ ක්‍රියාත්මක වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 14කට වැඩි ගණනක් රටවල් 120කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරන දැවැන්ත සමාගමක්. එනිසා තේ රසවිඳීම සම්බන්ධයෙන් ගෝලීය විශේෂඥතාවක් අප සතුයි. වර්ෂ 2035වනවිට ඉන්දියාව පෙරටු කරගනිමින් ගෝලීය වශයෙන් තේ අවන්හල් 200ක් ආරම්භ කිරීම අපේ ඉලක්කයයි. මෙය හුදෙක් ඉලක්කම් අරමුණු කරගත් ඉලක්කයක් නොවේ. ඊට එහාට ගොස් සැබෑ, රසවින්දනාත්වක සහ අන්තර්ජාතික තේ සංස්කෘතියක් ලොවට හඳුන්වාදීමට දරන ප්‍රයත්නයක්, යනුවෙන් Tea Avenue ප්‍රධාන විධායක නිලධාරී ජීවක ලියනගේ මහතා ප්‍රකාශ කළේය.
Tea Avenue ඉන්දියාවේ මෙහෙයුම් අරඹයි