

TECNO සමාගම විසින් SuperZoom FlashSnap, AI 60X Super Zoom, 50MP Sony Ultra Night සහ Underwater Photography දිය යට ඡායාරූප ගැනීමේ තාක්ෂණය) වැනි උසස් තාක්ෂණය ඇතුළත් CAMON 50 Pro ජංගම දුරකථනය නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. සෑම සුවිශේෂී මොහොතක්ම සුපැහැදිලිව සහ නිර්මාණාත්මකව ඡායාරූපගත කිරීමට උනන්දුවක් දක්වන තරුණ පිරිස් උදෙසා නිර්මාණය කර ඇති CAMON 50 Pro කැමරා තාක්ෂණය සහ උසස් නිමාව අතින් TECNO සන්නාමයේ පුරෝගාමී විශිෂ්ටත්වය තහවුරු කරයි.
TECNO CAMON 50 Pro හි ප්‍රධානතම විශේෂත්වය වන්නේ වේගයෙන් චලනය වන දේවල් නිවැරදිව හා පැහැදිලිව ඡායාරූප ගතකර ගැනීම සඳහාම නිපදවා ඇති එහි SuperZoom FlashSnap තාක්ෂණයයි. වේගවත් චලන සහිත ක්‍රීඩා තරගවල ජායාරූපවල වීදි ඡායාරූප හෝ එදිනෙදා මතකයන් වැනි ඕනෑම අවස්ථාවක් SuperZoom FlashSnap මගින් ක්ෂණිකව බොඳ වීමකින් තොරව ඉතා පැහැදිලිව ලබා ගැනීමට මෙය ඉඩ සලසයි. තවද මෙම වැඩිදියුණු කරන ලද SuperZoom FlashSnap තාක්ෂණය හරහා වේගයෙන් චලනය වන අවස්ථා 3X: තුන් ගුණයකින්) දක්වා Zoom කර ඡායාරූප ලබා ගැනීමේ හැකියාවද ඇත
කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයෙන් බලගන්වා ඇති මෙම පද්ධතියට AI Auto Zoom පහසුකම ඇතුළත් වන අතර, එමගින් මිනිසුන් සහ සුරතල් සතුන් වැනි චලනය වන දේවල් ස්වයංක්‍රීයව හඳුනාගෙන ඒවා Track කිරීමේ හැකියාව ද ඇත. එමෙන්ම, එහි ඇති Best Moment 2.0 විශේෂාංගය මගින් ක්ෂණිකවම හොඳම Frame එක තෝරාගනු ලබයි. මෙම විශේෂාංග සියල්ල එකතු වී, ඕනෑම මොහොතක් ඉතා පහසුවෙන් ඡායාරූපයට නැගීමට ඔබට අවස්ථාව සලසා දෙයි.
TECNO CAMON 50 Pro ජංගම දුරකථනයේ ඇති AI 60X Super Zoom තාක්ෂණය මගින් ඈතින් පිහිටි දේවල් ඉතා පැහැදිලිව ඡායාරූප ගත කළ හැකි අතර, එමගින් චාරිකා, විවිධ උත්සව සහ එළිමහන් ඡායාරූපකරණය (Outdoor photography) වැනි අවස්ථා සඳහා ද මෙය වඩාත් යෝග්‍ය වේ. නගර දර්ශනවල සිට ස්වාභාවික පරිසර දර්ශන දක්වා ඕනෑම දෙයක් උපරිම Zoom කිරීමෙන් වුවද ඉතා සුපැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව මෙයට ඇත.
මෙහි ඇති විවිධ විශේෂාංග අතර, CAMON 50 Pro හි ඇති Aqua Mode මගින් අභියෝගාත්මක තත්ව යටතේ වුවද දර්ශනීය ඡායාරූප සහ වීඩියෝ ලබා ගත හැකිය. මේ යටතේ හඳුන්වා දී ඇති වැදගත්ම විශේෂාංගය වන්නේ Underwater Photography පහසුකමයි. IP68/IP69K ජලයට සහ දූවිල්ලට ඔරොත්තු දීමේ හැකියාව ඇති මෙම දුරකථනය, ඔබ යන ඕනෑම තැනකදී ඉහළ ක්‍රියාකාරීත්වයක් ලබා දීමට හැකි අයුරින් නිපදවා ඇත.
නව ජංගම දුරකථනය එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමින් TECNO ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුහම්මද් අතර් මහතා මෙසේ පැවසීය.
“CAMON 50 Pro යනු හෙට අනාගතය අද දකින ශ්‍රී ලංකාවේ නව පරපුර වෙනුවෙන්ම හඳුන්වා දෙන සුවිශේෂී දුරකථනයක්. ඒ වගේම ඕනෑම මොහොතක් දර්ශනීය ලෙස විශ්වාසයෙන් ඡායාරූපයට නැඟීමට කැමැති නිර්මාණ ශිල්පීන්ට ශක්තියක් වීමට අප තුළ ඇති කැපවීම ප්‍රකාශ කරන දුරකථනයක්. උසස් කැමරා තාක්ෂණය, AI තාක්ෂණය සහ ඉහළ නිමාව එකට එකතු කිරීමෙන්, තම ලෝකය අලුත් විදියකට අන් අයට පෙන්වීමට කැමැති පාරිභෝගිකයන්ට ඉතා වටිනා තාක්ෂණයක් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අපි අවස්ථාව සලසා දී තිබෙනවා.”
TECNO CAMON 50 Pro දුරකථනයෙහි අඩු ආලෝක තත්ව යටතේ වුවද විශිෂ්ට ලෙස ක්‍රියා කළ හැකි ප්‍රබල 50MP Sony LYT-700C Ultra Night කැමරාවක් ද අඩංගු වේ. එහි ඇති විශාල 1/1. 56” සංවේදකය (Sensor) සහ f/1.8 Aperture පහසුකම නිසල රාත්‍රී කාලයේදී පවා වඩාත් ආලෝකවත් සහ පැහැදිලි ඡායාරූප ලබා ගැනීමට පරිශීලකයන්ට හැකියාව ලැබේ.
Optical Image Stabilisation (OIS) තාක්ෂණය සහ උසස් පික්සල් තාක්ෂණයෙන් බලගන්වා ඇති නිසා, ඡායාරූප මෙන්ම වීඩියෝ ගැනීමේදී ද පැහැදිලි, සෙලවීම් නැති, detail සහිත දර්ශන ලබා ගැනීමට මෙම කැමරාවට හැකියාව ඇත. මෙහි ඇති 50MP Telephoto කාචය මගින් වෘත්තීය මට්ටමේ Portrait ඡායාරූප ලබා ගත හැකි අතර, 8MP Ultra-wide Angle කැමරාව මගින් එකම ඡායාරූප රාමුවකට වැඩි පරාසයක් ආවරණය කර ගැනීමට අවස්ථාව ලබා දෙයි.
TECNO සමාගමෙන් AI 60X Super Zoom, Underwater Photography පහසුකම් සහිත CAMON 50 Pro ජංගම දුරකථනය වෙළෙඳපොළට