IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


Sterling ඉංජිනියරින් විශිෂ්ටම සූර්ය බලශක්ති සේවා සපයන්නා සම්මාන දිනයි

පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Sterling Engineering පෞද්ගලික සමාගම Global Business Excellence Awards 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. නවීන සහ උසස් තත්ත්වයේ පුනර්ජනනීය බල ශක්ති විසඳුම් සපයන එම සමාගමේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා තිබේ. 
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය සහිත Sterling Engineering පුළුල් පරාසයක සේවා සපයයි. පද්ධති නිර්මාණය, ව්‍යාපෘති ශක්‍යතා විශ්ලේෂණ, ඉංජිනේරු ප්‍රසම්පාදන, ඉදි කිරීම් ඒ අතර ප්‍රධාන වේ. අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සපයන Sterling Engineering අධීක්ෂණ සහ ඇගැයීම් සේවාද සපයයි. 
Grid-tied සහ Off-grid  දෙවර්ගයටම අයත් සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය කරන එම සමාගම දෙමුහුන් සූර්ය බැටරි ගබඩා විසඳුම්ද හඳුන්වා දී තිබේ. සුහුරු බල ශක්ති කළමනාකරණ වේදිකා සහ අධිවේගී ප්‍රතිචාර නඩත්තු පද්ධති සමඟ උසස් කාර්යක්ෂමතාවකින් යුතු සූර්ය බල ශක්ති පද්ධති ඒකාබද්ධ කිරීමෙන් බල ශක්ති උත්පාදන ධාරිතාව ඉහළ නංවන Sterling Engineering නේවාසික, වාණිජ, කාර්මික වැනි සෑම ක්ෂේත්‍රයකම සූර්ය බල ශක්ති පද්ධති සඳහා විශ්වාසනීය ක්‍රියාකාරිත්වයක් සහතික කරයි. වාණිජමය ව්‍යාපෘතිවලට අමතරව එම සමාගම ග්‍රාමීය ප්‍රජාව සමඟ එක් වී පාසල්, ප්‍රජා ශාලා සහ සෞඛ්‍ය සායන වැනි පොදු ස්ථාන සඳහා සූර්ය බල ශක්ති විසඳුම් සැපැයීමේ වැඩසටහන් රැසක්ද අරඹා ඇත. සෑම ප්‍රජාවකටම විදුලි බල ප්‍රවේශය තහවුරු කිරීම, පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට දායක වීම, ජාතික තිරසාරත්ව ඉලක්ක ළඟා කර ගැනීමට සහාය වීම Sterling Engineering සමාගමේ ප්‍රධාන අරමුණු වේ. ජාත්‍යන්තර තාක්ෂණික සහකරුවන් සමඟ හවුල්කාරිත්ව ඇති කර ගැනීමෙන් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සපයා ගැනීමටත්, ව්‍යාපෘති පිරිවැය තරගකාරී මට්ටමක පවත්වා ගැනීමටත් ඔවුන්ට හැකි වී ඇත. මෙම සම්මානය ලැබීමෙන් උසස් ඉංජිනේරුකරණයට, පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් සේවා සැපැයීමට, පරිසරය සුරැකීමට සමාගම සතු කැපවීම යළිත් තහවුරු වේ.

 



අදහස් (0)

Sterling ඉංජිනියරින් විශිෂ්ටම සූර්ය බලශක්ති සේවා සපයන්නා සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site