IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


Sri Lanka Expo 2026 නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි


ශ්‍රී ලංකාවේ අපනයන හැකියාව සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන Sri Lanka Expo 2026”‍ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk  දියත් කිරීම එම ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවේදී සිදු විය. මෙම වෙබ් අඩවිය හරහා දේශීය ප්‍රදර්ශකයන් සහ විදේශීය ගැනුම්කරුවන්ට එම ප්‍රදර්ශනය වෙත ලියාපදිංචි වීමට පහසුකම් සලසා තිබේ.

2026 ජුනි 18 සිට 21 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවේ අපනයන හැකියාව සහ ආයෝජන අවස්ථා ජාත්‍යන්තරය වෙත ප්‍රදර්ශනය කරනු ඇත. දේශීය අපනයනකරුවන් 750ක් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 1,500ක් පමණ Sri Lanka Expo  2026 ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිතව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Sri Lanka Expo 2026  2026 පාර්ශවකරුවන් ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ ශ්‍රී ලංකා ගුවන් සේවය කටයුතු කරයි.



අදහස් (0)

Sri Lanka Expo 2026 නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site