IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


’’Skills Expo’’ නිපුණතා ප්‍රදර්ශනය ඔක්තෝබර් 10 වැනිදා

"Skills Expo" නිපුණතා ප්‍රදර්ශනය එළැඹෙන ඔක්තෝබර් මස 10 හා 11 දෙදින අරලියගහ මන්දිරයේ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව සංචාරක කර්මාන්ත අංශයේ නිපුණතා කවුන්සිලය ඊයේ(13) ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ඇතිව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ අරමුණ කුසලතා පරතරය සහ ඉහළ මට්ටමේ තරුණ විරැකියාව විසදීම බව නිපුණතා කවුන්සිලය පැවැසුවේය. 
මෙම ප්‍රදර්ශනය දැනුම බෙදාගැනීම  , වෘත්තීය මාර්ගෝපදේශනය සහ කුසලතා සංවර්ධනය සඳහා පුළුල් වේදිකාවක් සපයන බවද නිපුණතා කවුන්සිලය පැවැසුවේය. තරුණ තරුණියන්, මවුපියන් , ගුරුවරුන් සහ කර්මාන්ත අංශයේ පාර්ශ්වකරුවන් ඇතුළු පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන බවද නිපුණතා කවුන්සිලය ප්‍රකාශ කළේය.
 
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

’’Skills Expo’’ නිපුණතා ප්‍රදර්ශනය ඔක්තෝබර් 10 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site