දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්‍රමුඛයකු වන Shine Dental Care ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. අමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹ දී පැවැත්විණි.
Facebook, Instagram, Tik Tok වැනි සමාජ මාධ්‍ය ජාලවල අතිශයින් ජනප්‍රිය සේනානායක මහතා ප්‍රසිද්ධ වී ඇත්තේ ‘Dr Shine’ යන අන්වර්ථ නාමයෙනි. Cosmetic Dentistry සහ Implantology යන අංශ පිළිබඳ විශේෂඥයකු වන ඔහු සුහුරු, නවීන සහ රෝගියා කේන්ද්‍ර කරගත් සේවා තුළින් ශ්‍රී ලාංකික දන්ත වෛද්‍ය ප්‍රමිති ඉහළ නැංවීමට කැප වී සිටී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍ය උපාධිය (BDS) ලබා ඇති ඔහු මෙහෙයවන Shine Dental Care ආයතනයේ ශාඛා කෑගල්ලේ, (බුලත්කොහුපිටිය පාර), මාවනැල්ලේ (රෝහල පාර) සහ රඹුක්කන (රෝහල පාර) පිහිටා තිබේ. සේනානායක මහතා මීට පෙර ද දෙස් විදෙස් සම්මාන රැසක් ලබා තිබේ.
Shine Dental Care නිර්මාතෘට වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා BWIO සම්මානය