
MAC Holdings (Pvt) Ltd සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන MAC Hotels and Villas (Pvt) Ltd විසින් Serene Pavilions (Pvt) Ltd සමාගම මිලදී ගෙන ඇත. මෙය MAC සමාගම් සමූහය සිය ප්‍රථම සුඛෝපභෝගී හෝටල් දේපළ අත්පත් කරගැනීම සනිටුහන් කරමින් සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයට පිවිසීමක් වන අතර, එම හෝටලය “Serene Pavilions” වේ. පසුව එය නවීකරණය කර, නව සන්නාමයකින් යුතුව “CLOVE Beach - Wadduwa” නමින් 2026 ජනවාරි මාසයේදී නැවත ආරම්භ කළේය.
කොළඹ සිට පැයක පමණ ධාවන කාලයකින් ළඟා විය හැකි, වාද්දුව දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති CLOVE Beach - Wadduwa, අමුත්තන්ට අසිරිමත් නිසලතාවක්, සුඛෝපභෝගී බවක් සහ උපරිම තෘප්තියක් ලබා දෙන අද්විතීය ක්ෂේම භූමියකි. එය සැබවින්ම සුඛෝපභෝගී ජීවන රටාවක අභිමානය මනාව කියාපායි. විවිධ වර්ගයේ ගස්වැල්වලින් වට වූ මෙම මනරම් වෙරළබඩ නවාතැනෙන් ඉන්දියන් සාගරයේ විස්මයජනක දසුන් දැකගත හැකිය.
සශ්‍රීක ගෙවතු, සුවඳවත් මල් සහ විවිධ ගස්වැල්වලින් වට වූ මෙම දේපළ, බාලි (Balinese) ශෛලියෙන් ආභාෂය ලැබූ සුවිශේෂී මණ්ඩප (Pavilions) 12 කින් සමන්විත වේ. එය අමුත්තන්ට අසමසම සුඛෝපභෝගී බවක්, පෞද්ගලිකත්වයක්, නිදහසක් සහ සුවිශේෂී සේවාවක් සැපයීම සඳහා සැලසුම් කර ඇත. පුළුල් පරාසයක පහසුකම්වලින් ද (පෞද්ගලික භෝජන පහසුකම්, බට්ලර් (Butler) සේවාව, බාර් සහ ආපනශාලා, ගිල්වන ලද ජැකුසි ඇඳන් සහිත පිහිනුම් තටාකය, පෞද්ගලික ප්ලන්ජ් තටාකය (Plunge pool), ස්පා (SPA) සහ ව්‍යායාම ශාලාව) යුක්ත වේ.
මෙහි Pavilions වර්ග තුනක් ඇතුළත් වන අතර එමගින් ක්ලෝව් (Clove) හෝටලය තම නිවාඩු ගමනාන්තය ලෙස තෝරා ගන්නා ඕනෑම අමුත්තෙකුට පුළුල් ඉඩකඩක් හිමිවේ. Single Bedroom Ocean Pavilion - ඒකක 8 - වර්ග අඩි 2,350, Single Bedroom Garden Pavilion - ඒකක 1 - වර්ග අඩි 1,430 , Two-Bedroom Garden Pavilion - ඒකක 3 - වර්ග අඩි 2,100 එම වර්ග තුනය.
විවාහ මංගල්‍ය, මධුසමය සැමරුම්, විශේෂ උත්සව හෝ සරලව මනස සහ ගත සැහැල්ලු කරගැනීමේ නිවාඩුවක් සඳහා වඩාත් සුදුසු වන “CLOVE Beach - Wadduwa” යනු හුදෙක් ගමනාන්තයක් පමණක් නොව, එය උසස් ජීවන රටාවකි. CLOVE Beach - Wadduwa ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය නව මානයකට ගෙන යයි. ගත කරන සෑම මොහොතක්ම අතිවිශිෂ්ට මතකයක් බවට පත් කරන “CLOVE Beach - Wadduwa” හි අසමසම අලංකාරයේ ලෝකයට ඔබත් පියනඟන්න.
“Serene Pavilions” සුඛෝපභෝගී බුටික් හෝටලය “CLOVE Beach Wadduwa” සන්නාමයෙන් නැවත එයි