IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


Saram Auto - Saram Marine ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Saram Auto Industries සහ Saram Marine Solutions ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී සමුද්‍රීය සහ නාවික කර්මාන්ත අංශයේ විශිෂ්ටතම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. Saram Marine Solutions නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයට දක්වා ඇති දායකත්වය වෙනුවෙන් CNCI Achiever සම්මානය ද දිනා ගත්තේය. 
1974 දී ඇරැඹුණු Saram Auto Industries දශක පහක් පුරා දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ට නාවික නිෂ්පාදන සහ සේවා රැසක් සපයයි. එම සමාගමේ ප්‍රධාන කාර්යාලය සහ කර්මාන්තශාලාව අංක 7/A, මාන්කුලිය පාර, මීගමුව ලිපිනයේ පිහිටා තිබේ.
විශ්වසනීය සේවා සහ ප්‍රයෝගික නව්‍යකරණය වෙනුවෙන් කැප වූ Saram Auto Industries  පාරිභෝගික ප්‍රජාව අතර ඉතා ඉහළ විශ්වාසයක් දිනා ඇත. එහි නඩත්තු අංගනය ප්‍රොපෙලර් ෆිලින්, අපවිත්‍ර නොවන පින්තාරු කිරීම්, ෆයිබර් අලු‍ත්වැඩියා, එන්ජින් අලු‍ත්වැඩියා, සාමාන්‍ය බෝට්ටු නඩත්තු කටයුතු වැනි සේවා රැසක් සපයයි. නිෂ්පාදන අතර මැරීන් ප්‍රොපෙලර්, ලයින් හෝලර්, නෙට් හෝලර්, රඩර් සිස්ටම්, සහ ස්ට(ර්)න් ගියර් ප්‍රධාන තැනක් ගනී. එම සමාගම නාවික එන්ජින්, මාලිමා, යාන්ත්‍රික උපකරණ, ස්ටියරින් සිස්ටම්, හයිඩ්‍රොලික් පොම්ප, එන්ජින් කොටස්, ආරක්ෂිත උපාංග වැනි තවත් බොහෝ දෑ ආනයනය කරයි. අංක 32, මාන්කුලිය පාර, මීගමුව ලිපිනයේ පිහිටා ඇති Saram Marine Solutions දේශීය සහ අපනයන වෙළෙඳපොළ සඳහා ‘Longline’ ධීවර බෝට්ටු නිෂ්පාදනය කරයි. 
එම සමාගම ධීවර සහ බෝට්ටු කර්මාන්තයට අත්‍යවශ්‍ය අමතර කොටස් සහ උපාංග රැසක් අපනයනය කරයි. දක්ෂ ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් ඇතුළු වෘත්තිකයන් 25ක කාර්ය මණ්ඩලයකින් සමන්විත එම සමාගම ගෝලීය ප්‍රමිතිවලට අනුගත වෙමින් එකිනෙකට වෙනස් අවශ්‍යතාවලට ගැලපෙන ලෙස නිෂ්පාදන සහ සේවා සපයන සමාගමක් ලෙස පාරිභෝගික විශ්වාසය දිනා ඇත.



අදහස් (0)

Saram Auto - Saram Marine ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site