IMG-LOGO

2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා


Salesforce සමග සහයෝගීතාව පුළුල් කිරීමට John Keells Holdings පියවර ගනී


Salesforce තාක්ෂණය භාවිත කරමින්, මිලියන දෙකකට අධික Keells Nexus  ලෝයල්ටි සාමාජිකයන්ට පෞද්ගලීකරණය කළ සේවාවක් ලබා දීමට Keells සුපිරි වෙළෙඳසල් කටයුතු කරයි

ලොව අංක 1 Agentic CRM වන Salesforce ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් පරිවර්තනය වේගවත් කිරීම සඳහා මෙරට විශාලතම සහ වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන John Keells හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH)  සමඟ සිය සහයෝගීතාව පුළුල් කර තිබේ. 

මෙම පුළුල් කරන ලද සහයෝගීතාව හරහා, JKH හි ප්‍රධාන ව්‍යාපාර දෙකක් වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසල් ජාලයක් වන Keells සහ එහි මෝටර් රථ ව්‍යාපාරය වන John Keells CG Auto වෙත සිය මීළඟ වර්ධන අදියර කරා පියනගන විට, අන්තර් සම්බන්ධිත, පෞද්ගලීකරණය වූ සහ දත්ත මත පදනම් වූ විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීමට අවස්ථාව සැලසේ.

මෙම සහයෝගීතාවේ කේන්ද්‍රස්ථානය වන්නේ මිලියන දෙකකට අධික සාමාජිකයන් පිරිසකට සේවා සපයන, Salesforce මගින් බලගැන්වෙන, ශ්‍රී ලංකාවේ වඩාත්ම පිළිගැනීමට ලක්වූ ලෝයල්ටි වැඩසටහනක් වන  Keells Nexus ය.

Keells සුපර් විසින් Salesforce Loyalty Management, Data 360, Marketing Automation, MuleSoft  සහ Agentforce Service  යන සේවා සඳහා ද Salesforce තාක්ෂණය භාවිත කරනු ලබයි. පාරිභෝගික ගනුදෙනු, හැසිරීම් රටා, රුචිකත්වයන් සහ සන්නිවේදන රටා ඒකාබද්ධ කිරීම හරහා, පාරිභෝගික අවබෝධය සක්‍රීය ක්‍රියාමාර්ග බවට පත් කිරීමට Keells වෙත අවස්ථාව ලැබේ. මේ හරහා පාරිභෝගික ජීවන චක්‍රයේ සෑම අදියරකදීම ලැදියාව වර්ධනය කරන, සබඳතා වැඩිදියුණු කරන සහ ඉහළ වටිනාකමක් ජනනය කරන පෞද්ගලීකරණය වූ සේවා පිරිනැමීමට ඔවුන්ට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ New Energy Vehicles භාවිතයේ වර්ධනයට සහාය වෙමින්, John Keells CG Auto ශ්‍රී ලංකාවේ BYD මගී වාහන සඳහා බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරයි.

වාහන තොග කළමනාකරණයට සහාය වීමට සහ එය පෙර අලෙවි, අලෙවි, හිමිකාරීත්ව සහ අලෙවියෙන් පසු සේවා යන සියලු‍ අදියරවල පාරිභෝගික ගනුදෙනු සමග සම්බන්ධ කිරීමට සමාගම විසින් Salesforce Automotive Cloud  තාක්ෂණය භාවිත කරයි.

පාරිභෝගික සහ වාහන දත්ත පිළිබඳ ඒකාබද්ධ දැක්මකින්, වාහනයක් පිළිබඳව සොයා බැලීමේ සහ මිලදී ගැනීමේ සිට සේවා සැපයීම සහ හිමිකාරීත්වය දක්වා වූ මෝටර් රථ පාරිභෝගික ගමන්මගේ සෑම අදියරක්ම සම්බන්ධ කිරීමට John Keells CG Auto  වෙත උපකාරී වනු ඇත. නව ශාඛා, සේවා සහ ප්‍රිමියම් කාණ්ඩ හරහා සමාගමේ ව්‍යාප්තියට සහාය වන අතරම, අවස්ථාවට උචිත සහ අඛණ්ඩ පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට මෙම පදනම ඉවහල් වනු ඇත.

 



අදහස් (0)

Salesforce සමග සහයෝගීතාව පුළුල් කිරීමට John Keells Holdings පියවර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site