IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


SMB ෆිනෑන්ස් වෙතින් රුපියල් බි. 1.5ක් වටිනා බැඳුම්කර නිකුතුවක්

 


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන SMB ෆිනෑන්ස් පීඑල්සී රුපියල් බිලියන 1.5ක වටිනා බැඳුම්කර නිකුතුවක් සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. මෙය ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර ලෙස නම් කර තිබේ. 

මෙහිදී මුල් නිකුතුව ලෙස බැඳුම්කර කොටස් මිලියන 10ක් නිකුත් කරන බව සමාගම පවසයි. එහිදී කොටසක් රුපියල්  100ක් බැගින් මිල කර ඇති අතර, ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල්  බිලියන 1කි. එසේම ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් බැඳුම්කර කොටස් මිලියන 5ක් නිකුත් කරන බව සමාගම පවසයි. ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල්  මිලියන 500 කි. මෙම බැඳුම්කර සඳහා ලබා දෙන පොලී අනුපාත පවතින වෙළෙඳපොළ පොලී අනුපාත මත ඉදිරියේදී තීරණය කෙරෙන බවත් සමාගම පවසයි. එසේම අදාළ නිකුතුව සම්බන්ධයෙන් අදාළ නියමාන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

SMB ෆිනෑන්ස් වෙතින් රුපියල් බි. 1.5ක් වටිනා බැඳුම්කර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site