IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


SLTC Logistics Day 2026 උත්කර්ෂවත්ව පැවැත්වේ

 

  • ලොජිස්ටික් ක්ෂේත්‍රයේ තාක්ෂණික පෙරළිය ගැන සිසුන් දැනුවත් කෙරේ

SLTC පර්‌යේෂණ විශ්ව විද්‍යාලයේ (SLTC Research University) ව්‍යාපාර කළමනාකරණ පීඨයට අනුබද්ධ SCOM Hub සංවිධානය මෙහෙය වූ “SLTC Logistics Day 2026” වැඩසටහන පසුගිය දා පාදුක්ක පිහිටි SLTC විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

“The Place of Future Logistics Workers in the New Technological Era” (නව තාක්ෂණික යුගය තුළ අනාගත ලොජිස්ටික් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ භූමිකාව) යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. ශීඝ්‍රයෙන් සිදුවන තාක්ෂණික පරිවර්තනයන් මධ්‍යයේ, අනාගත ලොජිස්ටික් ක්ෂේත්‍රයේ නිර්මාණය වන වෘත්තීය අවස්ථා, නවෝත්පාදන සහ තිරසාර සංවර්ධන ප්‍රවණතා පිළිබඳව සිසුන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව, ලොජිස්ටික් කළමනාකරණය සහ ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ විශේෂඥවරියක වන ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) කළමනාකරණ හා මුදල් අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වරලත් ඉංජිනේරු ආචාර්ය ආර්. එම්. එන්. ටී. නාමලී සිරිසෝම මහත්මිය විසින් පවත්වන ලදී.

වැඩසටහනේ විශේෂාංගයක් වූ සාකච්ඡා මණ්ඩපයට ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ. ඒ අතර CILT ආයතනයේ උප සභාපති  ගයාත්‍රි කරුණානායක හේලීස් ඇඩ්වාන්ටීස් අනුබද්ධ සමාගම්වල අධ්‍යක්ෂ අමල් රොද්‍රිගෝ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ (AASL) ගුවන් තොටුපොළ කළමනාකරණ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මෙම අවස්ථාවට දිවයිනේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් SLIIT, CINEC කැම්පස්, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය සහ KDU ආයතනවල සිසුන් සහ නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වූහ. 



අදහස් (0)

SLTC Logistics Day 2026 උත්කර්ෂවත්ව පැවැත්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site