IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


SLT-MOBITEL වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට මහරගම-බත්තරමුල්ල ශාඛා වැඩිදියුණු කරයි



SLT-MOBITEL විසින් සිය පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකි වන ආකාරයට නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද මහරගම සහ බත්තරමුල්ල ශාඛා පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. 

මෙම ශාඛා සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වාත්, සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වාත් විවෘතව පවතී. මෙම ශාඛා මගින් පාරිභෝගිකයන්ට SLT-MOBITEL පිරිනමන ස්ථාවර හා ජංගම දුරකථන සේවා, අන්තර්ජාල සේවා, ආයතනික විසඳුම් සහ ඩිජිටල් සේවා වඩාත් පහසුවෙන් ලබාගත හැකි වේ. 

ඩිජිටල් නවෝත්පාදන සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්මට අනුකූලව, පාරිභෝගිකයන්ට රැඳී සිටීමට සිදු වන කාලය අවම කරමින් ඔවුන්ට වඩාත් විධිමත් සේවාවක් ලබාදීමට උපකාරී වන පෝලිම් කළමනාකරණ පද්ධතියක් ද මෙම ශාඛා තුළ ක්‍රියාත්මක වේ. එමෙන්ම පාරිභෝගික සේවා හමුවීම් වෙන්කරවා ගැනීමේ පහසුකම නිසා පාරිභෝගිකයන්ට තම සේවා කාලය කල්තබා වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී. මෙම කාර්යාල පූර්ණ වශයෙන් රැහැන් රහිත නිසා කාර්ය මණ්ඩලයට කාර්යාලයේ ඕනෑම ස්ථානයක සිට බාධාවකින් තොරව පාරිභෝගිකයන්ට සේවාව ලබාදීමට හැකි වන අතර, ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත වන නිසා මුදල් භාවිතයෙන් තොරව, සුරක්ෂිත සහ වේගවත් ලෙස ගෙවීම් කළ හැකි වේ. 

පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා උසස් ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවක් ලබාදීමට SLT-MOBITEL සෑම විටම උත්සාහ කරයි. 



අදහස් (0)

SLT-MOBITEL වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට මහරගම-බත්තරමුල්ල ශාඛා වැඩිදියුණු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site