

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්රී ලංකාවේ පොදු ප්රවාහන සේවය වඩාත් කාර්යක්ෂම කිරීමේ ජාතික ප්රයත්නයට දායක වෙමින් www.busticket.gov.lk වෙබ් අඩවිය සඳහ ‘Digital Platform Provider’ ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. මෙය ශ්රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය බලගැන්වීම සඳහා සමාගම දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙසද හැඳින්විය හැකි ය. තාක්ෂණය හා සේවා නවෝත්පාදනය එක්තැන් කරමින්, ශ්රී ලාංකිකයන්ට වඩාත් නවීන සහ ඩිජිටල් පොදු ප්රවාහන අත්දැකීමක් තිළිණ කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි. මේ යටතේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරමින්, රටේ ප්රවාහන පද්ධතිය අනාගතයට ගැළපෙන අයුරින් නවීකරණය කිරීමටSLT-MOBITEL සක්රීය දායකත්වයක් ලබා දෙයි.
මෙම ව්යාපෘතියට දායක වන පාර්ශ්වකරුවන් වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් පසුගියදා Amari Colombo හිදී පැවැත්විණි. මෙම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, මෙතෙක් අත්කරගත් ජයග්රහණ සැමරීම සහ බස් ටිකට්පත් ඩිජිටල්කරණය කිරීමේ ක්රියාවලියේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කරගත් මෙම උත්සවයට ප්රවාහන ක්ෂේත්රයේ ප්රධාන පෙළේ පාර්ශවකරුවන් රැසක් සහභාගී වූහ.
ප්රවාහන නියෝජ්ය අමාත්ය ආචාර්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම උත්සවයටSLT-MOBITEL ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ දුරගමන් හා අධිවේගී මාර්ග බස් රථ සේවා මෙහෙයුම්කරුවන් පිරිසක්ද එක්ව සිටියහ.
Digital Platform Provider ලෙසSLT-MOBITEL සමාගම www.busticket.gov.lk සේවාවේ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කරමින්, මගීන්ට වඩාත් පහසු, විශ්වාසනීය සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කටයුතු කරනු ඇත. එමෙන්ම මෙමගින් ප්රවාහන බලධාරීන්ට සහ බස් රථ සේවා ක්රියාකරුවන්ට නිවැරදි දත්ත පදනම් කරගෙන තීරණ ගැනීම සහ මෙහෙයුම් කටයුතු සිදු කිරීම පහසු වේ.
මෙම උත්සවයේදී නව සේවාවේ සාර්ථකත්වය තහවුරු කරන කරුණු රැසක් ඉදිරිපත් වූ අතර, එහිදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ බස් රථ සේවා හිමිකරුවන් ඇගයීමක්ද සිදුකරන ලදී.
SLT-MOBITEL ලංකාවේ බස් සේවාවේ ඩිජිටල් පරිවර්තනයට සුවිශේෂී දායකත්වයක්