IMG-LOGO

2026 මාර්තු මස 27 වන සිකුරාදා


SDF තිරසර බැඳුම්කර ලක්ෂම්බර්ග් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කෙරේ


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF) එහි ලැයිස්තුගත කළ තිරසර බැඳුම්කර, ද්විත්ව ලැයිස්තුගත කිරීමක් ලෙස පසුගියදා ලක්ෂබ්මර්ග් කොටස් හුවමාරුවේදීත් (LuxSE) ලැයිස්තුගත කර තිබේ. 

මෙම අවස්ථාව සදහා SDF සභාපති චන්නද ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති සහ ක්‍රමෝපායික සැලසුම් මහේෂ් ජයසංක යන මහත්වරුන් LuxSE වෙත ගොස් තිබේ. 

වසර පහකින් කල් පිරෙන මෙම බැඳුම්කර දෙකෙහි වටිනාකම රුපියල් බිලියන 2කි. මෙමගින් හරිත මූල්‍ය (පුනර්ජනනීය බලශක්තිය සහ පිරිසුදු ප්‍රවාහන සේවාව) වෙනුවෙන් සහ තිරසාර (දැරිය හැකි මිලකට පවතින නිවාස, රැකියා උත්පාදනය, කාන්තාවන් බලගැන්වීම්, ආහාර සුරක්ෂිතතාව සහ සමාජආර්ථික දියුණුව්) ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම සැලසුම වී තිබේ.

 



අදහස් (0)

SDF තිරසර බැඳුම්කර ලක්ෂම්බර්ග් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site