IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


SDB බැංකුවේ සියයට 10.9ක් ෆින්කෝ හෝල්ඩිංග්ස් යටතට

භානුක අමරසිංහ 

සණස සංවර්ධන බැංකුවේ (SDB බැංකුව) සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 17,989,491ක් මිලදී ගන්නට ෆින්කෝ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම පසුගියදා කටයුතු යොදා තිබේ. මෙය සමාගම නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් අතරින් සියයට 10.9 කි. 

SDB බැංකුවේ තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වූ නෙදර්ලන්තයේ Nederlandse Financierings-Maatschappij Voor Ontwikkelingslanden N.V. අත්හැරි කොටස් මෙලෙස ෆින්කෝ හෝල්ඩිංග්ස් මගින් මිලදී ගෙන තිබේ. 

අද වනවිට SDB බැංකුවේ විශාලතම කොටස් හිමිකාරීත්වය LOLC ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් වන් (පෞද්) සමාගමටත්, දෙවැනි විශාලතම කොටස් හිමිකාරීත්වය සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමටත් හිමිය. 

 



අදහස් (0)

SDB බැංකුවේ සියයට 10.9ක් ෆින්කෝ හෝල්ඩිංග්ස් යටතට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site