IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


Russel’s අප්‍රේල් මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ පාන සේවා සපයන ආයතනයක් වන රසල්ස් (පෞද්ගලික) සමාගම විසින් අප්‍රේල් මාසයේ විශිෂ්ට සේවකයන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. මෙම වැඩසටහන ආයතනය තුළ විශිෂ්ටත්වය, කැපවීම සහ සේවා ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ.

 අප්‍රේල් මාසයේ සම්මානලාභීන් ලෙස කෞශල්‍යා චතුරංගි මහත්මිය මාසයේ විශිෂ්ටම සේවකයා’ ලෙසත්, රමේෂ් මධුෂාන් ‘මාසයේ විශිෂ්ටම සූපවේදියා’ ලෙසත්, චතුරංග ද සොයිසා ‘මාසයේ විශිෂ්ටම ස්ටුව්ර්ඩ්’ ලෙසත්, චතුරිකා දර්ශනි ‘මාසයේ විශිෂ්ටම ස්ටුවර්ඩස්’ ලෙසත්, ආහාර හා පාන විධායක කේ. ඒ. චේහන් ලක්ෂිත මාසයේ වඩාත්ම කැප වීමක් සහිත සේවකයා’ ලෙසත් සම්මාන ලැබූහ.

මෙම සම්මාන වැඩසටහන වෘත්තීයභාවයෙන්, කැප වීමෙන් සහ කාර්ය සාධනයෙන් විශිෂ්ටත්වය පෙන්වන සේවකයන්ට ගෞරවය දැක්වීමට ආයතනය ක්‍රියාත්මක කරන වැඩසටහනකි. විවිධ ක්ෂේත්‍රවලින් උසස් කාර්ය සාධනයක් පෙන්වන සේවකයන් හඳුනා ගෙන සම්මාන පිරිනැමීමෙන් රසල්ස් සමාගම උසස් සේවා මට්ටමක් පවත්වා ගෙන යාමට කැප වී සිටී. මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ රසල්ස් කළමනාකාරිත්වය පවසන්නේ සේවකයන් හඳුනා ගෙන සම්මාන ප්‍රදානය කිරීම සමාගමේ මානව සම්පත් කළමනාකරණයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. සේවකයන්ගේ කැප වීම අගය කිරීමෙන් ඔවුන්ගේ උද්‌යෝගය වර්ධනය වන අතර එය පාරිභෝගික තෘප්තිය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වේ. රසල්ස් සමාගම ශ්‍රී ලංකාවේ ආහාර සහ පාන සේවා ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් බවට පත් වී ඇති අතර ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ සේවා විශිෂ්ටත්වය මත පදනම්ව සමාගම ඉදිරියට ගමන් කරයි.



අදහස් (0)

Russel’s අප්‍රේල් මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site